වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා කිව්ව දේ ඇහුවා නම්...

අම්මා කිව්ව දේ ඇහුවා නම්...

පොඩි මල්ලිව දන්නවා නේද. ආයේ ඉතින් මොකෝ මෙයාව නොදන්න කෙනෙක් ඉන්නවයැ. හැබෑ නම ගාමින්ද ප්‍රියවිරාජ් වුණාට ඔහු සුප්‍රසිද්ධ පොඩි මල්ලි කියන නමින්නේ. මේ පොඩි මල්ලිට පොඩි කාලේ අම්මා නිතර කියන වාක්‍යක් තිබිලා තියෙනවා. ඒ 'රට්ටු හිනස්සන වැඩ කරන්න එපා' කියලා. මෙයා පොඩි කාලේ හෙන ඇට්ටරයෙක් වෙන්න ඇති. ඒකනෙ එහෙම කියන්න ඇත්තේ. නමුත් අභාග්‍යයකට පොඩි මල්ලිට බැරි වුණාලු ලොකු වෙලාවත් අම්මා කියපු දේ නොකර ඉන්න. දැන් වුණත් පොඩි මල්ලි කරන්නේ විනෝදාස්වාදය සපයමින් රට්ටු හිනස්සන එකනෙ. ඕං බලන්නකෝ ඒකෙත් හැටි. රට්ටු හිනස්සන්න එපා කියලා අම්මා කියපු දේ මෑන් ඇහුවා නම් අපිටත් ඉන්න වෙන්නේ බුම්මං තමයි.