වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කලංට උපහාර පුදන්න ගිහින් අමිලාට වෙච්ච දේ...

කලංට උපහාර පුදන්න ගිහින් අමිලාට වෙච්ච දේ...

අමිලා නිදීශානිට හරිම අකරතැබ්බයක් තමයි වෙලා තියෙන්නේ. අමිලා පසුගිය දිනෙක මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අමරසිරි කලංසූරිය උපහාර උලෙළට සහභාගි වුණා. ඇය එදින අම්මාවරුනේ ගීතය ද ගැයුවා. එදින උත්සවයට සහභාගී වෙලා එළියට බැස්සමයි අමිලාට තරු පෙනුණේ. ඇයගේ වාහනයේ සයිඩ් කණ්නාඩි දෙකම හොරු අරන්. මෙච්චර දෙමෝ දාහක් සෙනඟ හා ආරක්ෂක නිලධාරීන් ඉන්න තැනක එහෙම දෙයක් වුණු එකට අමිලාට හරිම පුදුමයි. ඒ විතරක්යැ ඇයගේ වාහනය ඉතාම මිල අධික එකක්. ඒ හින්දා පැති කණ්නාඩි දෙකත් ගොඩක් වටිනවා. අර හොරා හොරකම් කරන්නට ඇත්තේ ඒ වටිනාකම දන්න නිසා. දැන් ඉතින් දුවපංකො ඉන්ෂුවරන්ස් ගානෙ කියලා හිත හදාගෙන අමිලා එදා හරිම පරිස්සමින් වාහනය පදවගෙන ගෙදර ආවලු.