වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




උපුල් සඳුන් වී සඳුන් උපුල් වී

උපුල් සඳුන් වී සඳුන් උපුල් වී

රයිගම් ටෙලීස් නරඹපු කෙනෙක් නිෂ්පාදක උපුල් ජයසිංහගෙන් ඇහැව්වලු මේපාර සම්මාන උලෙළට යවන්න නාට්‍යයක් නිෂ්පාදනය කළේ නැද්ද කියලා. උපුල්ට මේක හරිම ප්‍රහේළිකාවක්. ඇයි ඉතින් උපුල්්ගේ උතුම් පැතුම් නාට්‍යයනෙ රයිගම් ටෙලීස්හි ජනප්‍රියම නාට්‍ය වුණේ. බැලින්නම් මොකද දන්නවද වෙලා තියෙන්නේ. උතුම් පැතුම් නාට්‍යයට සම්මාන දෙන කොට නම් ප්‍රකාශ කරලා තියෙන්නේ උපුල් රාජකරුණා සහ සඳුන් ජයසිංහ කියලා. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා සහ උපුල් ජයසිංහ කියන නම් මාරු කරලා. ඒක තමා අර තැනැත්තා උපුල්ගෙන් අහලා තියෙන්නේ මේ වතාවේ නම නැතිද කියලා.