වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අමිත්ට මංගලම්

අමිත්ට මංගලම්

සරසවියේ පළ වන ලිපි බොහොමයක යටින් 'සේයාරූ අමිත් එස්. සේනාරත්න' යනුවෙන් සටහන් කරලා තියෙනවා නිරන්තරයෙන් ඔබ නෙත ගැටිලා ඇති. අමිත් කියන්නේ සරසවියට ඡායාරූප ලබා දෙන ඡායාරූප ශිල්පියෙක්. මේ හාදයා පසුගිය දවසක විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහු මෙහෙම කරකාර බැඳ ගත්තේ නුවර ඉපදී හැදුණු වැඩුණු ලක්ෂිකා ඒකනායකවයි.

කුල සිරිතට දුම්බර කඳුකරයෙන් කැන්දාගෙන ආ අමිත්ගේ හෝම්කමින්ග් එක තිබුණේ වාද්දුව ශාලිමා හෝටලයේ. රෙක්ස් කොඩිප්පිලි, නාලන් මෙන්ඩිස්, ශ්‍රියාණි මහවත්ත, කුසුම් මල්දෙණිය ඇතුළු කලාකරුවන් රැසක් අමිත් - ලක්ෂිකාට සුබ පතන්නට එක්ව සිටියා.