වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සුදේශ්ගේ සොයාගැනීමක්

සුදේශ්ගේ සොයාගැනීමක්

සුදේශ් වසන්ත පීරිස් කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන ඔබ අහලා ඇතිනෙ. මෙයා බොක්ස් ඔෆීස් වාර්තා තියපු චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල්සෝම පීරිස්ගේ පුතණ්ඩියා. තාත්තා වගේම තමයි පුතත් චිත්‍රපට හදන්න සුරයා. ඒ වගේම සුදේශ් තවත් දෙයකට හපන්කමක් දක්වනවා. ඒ තමන්ගේ චිත්‍රපට හරහා අලුත් මූණක් හඳුන්වාදීම. විශේෂයෙන් නිළියන්ව. සුදේශ් විසින් එදා හඳුන්වා දුන් නිළියන් අද අතිශය ජනප්‍රියත්වයේ පසුවන අය බවට පත් වෙලා.

ඒ විතරක් නෙවෙයි ඒ රංගන ශිල්පිණියන් පුවත් මවන්නියන්. ඒතරම්ම ඔවුන් ජනප්‍රියයි. නම් වශයෙන් කිව්වොත් රුවංගි රත්නායත, මහේෂි මධුසංක, පියුමි පුරසිංහ, මේනකා මධුවන්ති, නෙතු ප්‍රියංගා සහ නිපුනි විල්සන්. මේ අය සියල්ලම තිරයට හඳුන්වා දුන්නේ සුදේශ්. ඒ ජීවිතය ලස්සනයි, රන්ජා, වැඩ බැරි ටාසන් ආදී චිත්‍රපටවලින්. මේ දවස්වලත් තවත් අලුත් නිළියක් එක්ක සුදේශ් චිත්‍රපටයක් කරනවාලු. සුනිල් ටී තමයි එහි නිෂ්පාදක.