වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




දස්කොන් ජයගත් රයිගම් සම්මාන

දස්කොන් ජයගත් රයිගම් සම්මාන

12 වැනි රයිගම් ටෙලි සම්මාන උලෙළ පසුගියදා නෙළුම් පොකුණ රංග ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී රූපවාහිනී නාළිකාවන් බොහොමයක් හා ටෙලි නාට්‍ය රැසක් සම්මානයට පාත්‍ර වූ අතර මෙවර වසරේ සම්මානනීය නාළිකාව ලෙසින් ස්වර්ණවාහිනිය සම්මානයට පාත්‍ර වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙසින් ස්වර්ණවාහිනියෙන් විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යය සම්මානයට පාත්‍ර විය. උලෙළේ සෙසු සම්මානීය ඇගයුම් පෙළ ගැස්ම මෙලෙස සටහන් වී තිබිණ.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය - ස්වර්ණවාහිනියේ විකාශය වූ ජැක්සන් ඇන්තනී

නිෂ්පාදනය කළ දස්කොන් ටෙලි නාට්‍යය වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව - ස්වර්ණවාහිනිය

විශේෂ සම්මාන

වසරේ සම්මානනීය නාළිකාව - ස්වර්ණවාහිනිය

ජනප්‍රිය සම්මාන

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - සාරංග දිසාසේකර

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය -  ශලනි තාරකා

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය - ආචාර්ය උපුල් රාජකරුණා සහ සඳුන් ජයසිංහ

නිෂ්පාදන සහ අධ්‍යක්ෂණ දායකත්වයෙන් සිරස ටී වී නාළිකාවේ විකාශය වන උතුම් පැතුම් ටෙලි නාට්‍යය

ප්‍රණාම සම්මාන

පළමු ගෞරව ප්‍රණාම සම්මානය - අරූන් ඩයස් බණ්ඩාරනායක

දෙවන ගෞරව ප්‍රණාම සම්මානය - පියදාස රත්නසිංහ

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය - රවින්ද්‍ර රන්දෙණිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ දස්කොන්ගේ චරිතය නිරූපණය කළ රොෂාන් රවීන්ද්‍ර

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය - ජාතික රූපවාහිනියේ විකාශය වූ සත් පතිණි ටෙලි නාට්‍යයේ රන් මැණිකාගේ චරිතය නිරූපණය කළ මේනකා පීරිස්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව - ස්වර්ණවාහිනියේ විකාශය වූ 'දස්කොන් ටෙලි නාට්‍යයේ 'කුවේනිය යකින්නිය' ගායන කළ ඉන්දිකා උපමාලි

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ සුරගුණේගේ චරිතය නිරූපණය කළ රුවන් පෙරේරා

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ 'පළිඟු ආච්චිගේ' චරිතය නිරූපණය කළ මාධවී වත්සලා

වසරේ විශිෂ්ටතම

ටෙලි නාට්‍ය කැමරාකරණය හා ආලෝකකරණය - ජාතික රූපවාහිනියේ විකාශය වූ 'කවිය නුඹ' ටෙලි නාට්‍යයේ කැමරාකරණ ශිල්පී චින්තක සෝමකීර්ති

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය - ස්වර්ණවාහිනියේ විකාශය වුූ දස්කොන් ටෙලි නාට්‍යයේ සංස්කරණ ශිල්පී හිමාල් ධර්මරත්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ 'පට්ටිය බණ්ඩාරගේ' චරිතය නිරූපණය කළ ගිහාන් ප්‍රනාන්දු

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය - ජාතික රූපවාහිනියේ විකාශය වූ 'විෂ්ණ සංක්‍රාන්තිය' ටෙලි නාට්‍යයේ 'ගොළු කෙල්ලගේ' චරිතය නිරූපණය කළ දමිතා අබේරත්න

වසරේ විශිෂ්තම ටෙලි නාට්‍ය තිර රචනය - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ තිර පිටපත රචනය කළ ජැක්සන් ඇන්තනී

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය - ජාතික රූපවාහිනියේ විකාශය වූ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ 'කිරි සුවඳ' ඒකාංගික ටෙලි නාට්‍යය

වසරේ විශිෂ්තම රූපවාහිනී සම්ප්‍රවේශක -

සිංහල - ජාතික රූපවාහිනියේ සම්ප්‍රවේශක

චමින්ද ගුණරත්න

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක -

දමිල - වර්ණම් ටී. වී නාළිකාවේ සම්ප්‍රවේශක මෙලීශා ඇන්ටනී ස්ටැන්ලි

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක -

ඉංග්‍රීසි - එම් ටී වී නාළිකවේ සම්ප්‍රවේශක ස්ටෙෆනී ලාසරස්

වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන -

සිරස ටීවී නාළිකාවේ විකාශය වූ සම්පත් බස්නායක සහ සමන් ධම්මික නිෂ්පාදනය කළ 'ජන අසුන'

වසරේ සම්මානනීය රූපවාහිනී  මාධ්‍ය වැඩසටහන් නාළිකාව -

ජාතික රූපවාහිනිය

ටෙලි නාට්‍ය විශිෂ්්ටතා සම්මාන

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය - ජාතික රූපවාහිනියේ විකාශය වූ භවාන්තර ටෙලි නාට්‍යයේ අංග රචන ශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කළ ධම්මික හේවාදුන්න

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ සමන්ත පෙරේරා

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය - ජාතික රූපවාහිනියේ විකාශය වූ 'ඉඩ දෙන්න' ටෙලි නාට්‍යයේ 'මුදු සිත සඳරේණු පායා නැගේ' ගීතය රචනා කළ සුරම්‍යා මාපිටිය, රම්‍යා මාපිටිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායනය - ස්වර්ණවාහිනියේ විකාශය වූ 'දස්කොන්' ටෙලි නාට්‍යයේ 'විසැස් කමලාව' ගීතය ගායනා කළ  අසංක ධනංජය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන - ස්වර්ණවාහිනී නාළිකාවේ '8 ට කියන්න' ප්‍රවෘත්ති විශේෂාංගයට සංජීව කුමාර ලියදිපිට නිෂ්පාදනය කළ 'බදුල්ලේ එගොඩවෙල 6 කණුව පාලම' කාලීන වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - ටී වී දෙරණ නාළිකාවේ විකාශය වූ දිලිනි පෙරේරා සහ චින්තක ගම්ලත් නිෂ්පාදනය කළ 'ච්ඥතත ඉබභඤඪධ සංගීත වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම - ජාතික රූපවාහිනියේ විකාශය වූ පී. කුලරත්න නිෂ්පාදනය කළ 'හිරු සඳු ආදරෙයි' මාලා නාට්‍යය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන - ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මංජුල ඇතුගල, අංජන ජයතුංග සහ වින්දන රසික නිෂ්පාදනය කළ 'වෙනස' වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක - ස්වර්ණවාහිනියේ විකාශය වූ නුවන් සී. ජයවික්‍රම නිෂ්පාදනය කළ 'Tokyo Cement - All Island School Quiz - Season II''

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය - සිරස ටී වී නාළිකාවේ විකාශය වූ අශේන් තාරක ගමගේ වාර්තා කළ 'උමා ඔය ව්‍යාපෘතිය'

පුවත් වාර්තාව

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල - සිරස ටී වී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදක වසන්ත ප්‍රදීප් මාසිංහගේ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල - ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකා නිෂාදි බණ්ඩාරනායක

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - නිවේදිකා - දමිළ ශක්ති ටී වී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා රංජනී රාජරත්නම් රාජ ක්‍රිෂ්ණා

වසර් විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා -

ඉංග්‍රීසි - එම් ටී. වී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදක ජොයෙල් අවුට්ස්කූන්

ජූරියේ සම්මාන

ජූරියේ කුසලතා සම්මානය

කාංචනමාලා මහවිතාන - මොනිකාගේ මවගේ චරිතය - අඟුරු සිත්තම් - ස්වර්ණවාහිනි

ඇන්ඩෘ ජයමාන්න සහ දීප්ති විජේතුංග නිර්මාණය කිරීම - 'දිරිය දෝණි' - ජාතික රූපවාහිනිය

අනුලා බුලත්සිංහල - ඇග්නස්ගේ චරිතය - 'යකඩ දෝලි' - ජාතික රූපවාහිනිය

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය

මධුකා විජේරත්න -පාතදුම්බර කලාගාරය - දෙගල් දොරුව විහාරය -අයි ටී එන්

නදීක විජේවීර - අබ්දුල් කලාම් මහතා සමඟ සාකච්ඡාව - සිරස ටී වී

චතුර අල්විස් - Travel With Chathura  - ටී වී දෙරණ

නිල්මිණි තෙන්නකෝන් - අම්මාගේ චරිතය - 'අම්මා' ටෙලි නාට්‍ය - ටී වී දෙරණ

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩ සටහන - ජාතික රූපවාහිනියේ විකාශය වූ අතුල රන්සිරිලාල් නිෂ්පාදනය කළ 'හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී' ළමා වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - හිරු ටී වී නාළිකාවේ විකාශය වූ කවිඳු ප්‍රනාන්දු සහ සාරංග පතිරණ නිෂ්පාදනය කළ 'දිනන ළමයි' වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන -

ජාතික රූපවාහිනියේ විකාශය වූ ජානක සුජීව ජයකොඩි නිෂ්පාදනය කළ 'මං ආසයි මට කියන්න' අධ්‍යාපනික වැඩසටහන

වසරේ විශිෂ්ටතම රූපවාහිනි දේශපාලන කථිකා වැඩසටහන -

හිරු ටී වී නාළිකාවේ විකාශය වූ සුදේව හෙට්ටිආරච්චි නිෂ්පාදනය කළ 'සළකුණ' වැඩසටහන් මාලාවේ 'විල්පත්තු හානිය පාතියන්ගල ආනන්ද සාගර හිිමියන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සාකච්ඡාව

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන - ජාතික රූපවාහිනියේ විකාශය වූ කමල් කාරියවසම් නිෂ්පාදනය කළ 'තවලමෙන් කතරගමට' වාර්තා වැඩසටහන