වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Fun Music

Fun Music

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

පියාඹන පීරිසි රෑට නානවා - අම්මා නිතර බනිනවා

පියාඹන පීරිසි නෑ සොයා
අඟහරුගෙ ජීවියො නෑ පතා
කලාබර ආසියා වාගේ මා
කුමාරිගෙ නිල්වන් දෑස ඉල්ලන්නා
මගෙ වේවිදෝ පරාජය වීලා යාවිදෝ
රෙත් විස්තරේ යාවිදෝ
හීන පේනවා මෙට්ටෙන් බිමට වැටෙනවා
ආයේ ගොඩවෙලා ආදරෙ හීන ගැනලා බලනවා
රෑට නානවා අම්මා නිතර බනිනවා
සීතෙ ගුලිවෙලා ආදරේ සොයනවා
පියාඹන පීරිසි . . .
ජෝඩු පේනවා දැක්කම දෑස කැවෙනවා
පාරෙ තනි වෙලා මා ඇගෙ දෑස කොහෙද සොයනවා
ඩෝලෙ ගහනවා තනිවම සින්දු කියනවා
ආලෙ පැටලිලා ඈ හිතේ මැවෙනවා
පියාඹන පීරිසි . . .

ගායනය - එරංග ලංකා

පද රචනය -  ශෙහාන් ගලහිටියාව

සංගීතය - ශෙනාල්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ආර්යන්ස් වෙනුවෙන් හසිත විතානගේ

මෙම ගීතයේ පදමාලාව කියවාගෙන එනකොට ඔබට දැනෙන්නට ඇති මේක රැල්ලේ ගීතයක් නොවන කාරණය. මේ දිනවල තිබෙන විරහ ගී රැල්ලේ කැරැල්ලෙන් මිදුණ ගායකයෙක් තමයි මේ ගීතය ගයන්නේ. එරංග ලංකා මීට ප්‍රථම ගීත කිහිපයක්ම ගයා තිබෙනවා. හොට් හොට් බයිලා, පිංකි පැංකි, හොඳ කාලේ ඉන් කිහිපයක්. ඒවා සියල්ලම බයිලා ආරට නිර්මාණය වූ සින්දු. ඔහුගේ අලුත්ම ගීතය වන්නේ පියාඹන පීරිසි. කොළඹ අවට දිනක් පුරා රූගත වුණු මෙහි මියුසික් වීඩිියෝවේ රඟපාන්නේ එරංග සමඟ විනු සිරිවර්ධන. පිටසක්වළ ජීවියකු ලංකාවට පැමිණ ඉන්පසු ඔහු තරුණියක දැකීමෙන් ඇතිවන සිදුවිම් දාමයක් ඔස්සේ මෙම වීඩියෝවේ කතා පුවත ගොඩ නැඟී තියෙනවා. පිටසක්වළ ජීවියෙකුගේ වෙස්ගෙන කොළඹදී මෙම වීඩියෝව රූගත කරද්දී සෑහෙන්න කරදර විඳින්න සිදු වුණාලු. බොහෝ දෙනෙක් එරංගව දැකලා බියපත් වෙලා. විශේෂයෙන් ගෑනු ළමයි. අන්තිමේ නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් එරංගත් එක්ක නිතරම ඉන්න සිදු වුණාලු. පියාඹන පීරිසි එරංගගේ හත්වැනි ස්වනිර්මාණයයි.