වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




පළමු යුග ගැයුම

පළමු යුග ගැයුම

තව නොබෝ දිනකින් යුග ගීතයක් ඇසෙනවා. ඒක ආදර ගීතයක්. ඒ ගීය ගයන දෙපොළ එකට ගයන පළමු යුග ගීතය තමයි මේක. ගායකයා දයාසිරි ජයසේකර, ගායිකාව සමිතා එරන්දතී මුදුන්කොටුව මේ වන විට සමිතාගේ කොටස පටිගත කරලා ඉවරයි. දයාසිරි තවම තම හඬ ඊට මුසු කරලා නැහැ. ඒ තියෙන කාර්යබහුලකම හින්දා වෙන්න ඇති. මේ අපූරු ගීතයෙහි සංගීතය මාධව හේවාවසම්ගේ.