වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිසිලේ වෙලී’ ‘මායාවී’ මිහිරාන් උදාන

‘සිසිලේ වෙලී’ ‘මායාවී’ මිහිරාන් උදාන

මිහිරාන් උදාන කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහුගේ නවතම ගීතය 'මායාවි' හි පටිගත කිරීම් පසුගියදා සිදු වුණා.

අර්ජුන රූකාන්ත එක්ක කළ 'සිසිලේ වෙලී' ගීතය මගේ පළමු ගීතයයි. එය රසිකයන් වෙත එළිදක්වලා දැන් මාස දෙක තුනක් වෙනවා. ඒ ගීයට ලස්සන රූප රචනාවකුත් නිර්මාණය කරලා තිබුණා. ඇත්තටම TV චැනල්වලින් විකාශය වෙද්දී ඊට හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණා.

'මායාවී' මගේ දෙවන ගීතයයි. එහි පටිගත කිරීම් පසුගියදා සිදු වුණා. රූප රචනා තාම කරගෙන යනවා. ඉතින් ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.

මගේ ගම අම්බලන්ගොඩ. පුංචි කාලේ ඉඳලම ගීත ගායනයට දක්ෂයි. මට තියෙන්නේ ගැඹුරු කටහඬක්. ඒ දවස්වල මම විජය කුමාරතුංගයන්ගේ හඬ අනුකරණය කරමින් ගීත ගායනා කළා. ඒත් දැන් තියෙන ගායන රැල්ලට අනුව මගේ හඬත් ඊට ගැළපෙන අයුරින් වෙනස් කරන්නට සිදු වුණා. මගේ රසිකයන්ට YouTube  එක හරහා දැන් මගේ ගීත රස විිඳීමට පුළුවන්.

අපේ ගමේ සංගීත කණ්ඩායම්වල ගායනය, නිවේදනය යන දෙඅංශයම මම නියෝජනය කළා. මගේ හැකියාවන් දුටු නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ බිරිය ශ්‍යාමලී අක්කා, ඇය තමයි සංගීත අඹරේ මෙතෙක් දුර ඒමට මට අතහිත දුන්නේ. ඒ වගේම මගේම කියලා නිර්මාණයක් එළිදැක්වීමට උදව් කළේ. ඉෂාරා අමරසිංහ, රවීන්ද්‍ර නෙත්සර ගමගේ, භාග්‍යා මධුෂානි මේ සියළු දෙනාටමත් මේ වෙලාවේ තුති පුදන්න කැමැතියි'.

සංගීතය පැත්තන් දිගු ගමනක් යෑමට පෙරම් පුරනා මිහිරාන්ගේ තොරතුරුත්, අලුත් නිර්මාණත් Facebook එකේ Mihiran udana. office fane page  එකෙන් ඔහුව සම්බන්ධ කරගැනීමට ඔබටත් පුළුවන්. දු. අ. 0713709750.