වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




අපි නොදන්න රිවස්

අපි නොදන්න රිවස්

උතුම් පැතුම් සමඟින් අප හමුවන බුවිනි චාපා දියලගොඩ අලුතින් වාහනයක් ගත්තා කියලා පෙර දිනයක අපි කිව්වනෙ. ඒක ගෙදර ගෙනාවට පස්සේ ඇයට ලෝකෙ නැති ප්‍රශ්න ගොඩක් ආවා. ඉන් ප්‍රධානම ගැටලුව වූයේ වාහනය රිවර්ස් කරන්න නොහැකි වීම. සාමාන්‍යයෙන් අලුතින් ලයිසන් ගත්තු කෙනෙක් මාසයක් විතර ඩ්‍රයිව් කරද්දී රිවර්ස් කරන්නත් හුරුවෙනවනෙ. ඒත් බුවිනිට අවුරුද්දක් විතර ගිහිල්ලා වාහනය රිවර්ස් කරන්න ඉගෙන ගත්තා. මේ ගැන දැනගත්තු ඇගේ යාළුවො ඇයට විහිළු කරන්න පටන් අරන් රිවර්ස් බෑ කියලා. බුවිනි එතකොට කියනවාලු මං කොහොමත් රිවර්ස් නැහැ ඉදිරියටමයි යන්නේ කියලා.