වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




කුළු හරකෙකු සමඟ

කුළු හරකෙකු සමඟ

මී හරකෙක් වුණත් මෙල්ල කරන්න පුළුවන් පොරක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ. ඔහු මේ ළඟදී එහෙම වැඩක් කරලා. ඒ කිව්වේ මී හරකෙක් අනින්න ආව කෙනෙක්ව බේරගෙන. මී හරකට ගහලා එලවලා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ කතරගම කරවිලේ වැවේ. ගයාන් නාට්‍යයක් අධ්‍යක්ෂණය සහේලි කියලා. ඒකේ දර්ශන තල තිබුණේ එහෙ. ඔන්න දවසක් ගයාන් සහ සහේලිහි මල්හාමිට රඟන කැලුම් රාජාභරණ සමඟ තවත් දෙදෙනකු එක්ව ගියාලු ඔය කරවිලේ වැව ගාවට ලොකෝෂන් වගයක් බලන්න.ගයාන්, කැලුම් එදා ඇඳගෙන ඉඳලා තියෙන්නේ රතු වර්ණයට හුරු ඇඳුම්. ඒ හින්දමද කොහෙද අසල සිටි මී හරක් රංචුවකගේ අවධානය ඔවුනට යොමු වෙලා. හැබැයි ගයාන්වත්, කැලුම්වත් ඔය මී හරක් රංචුවට වැඩි අවධානයක් යොමු කළේ නැතිලු. කොහොම හරි අවසානයේ මී හරක් ටික ළඟටම ඇවිත්. කට්ටිය බය වෙලා දුවලා. ඒත් කැලුම්ට දුවාගන්න බැරි වෙලා. මී හරකෙක් කැලුම්ව පෙරළගෙන දෙපාරක් විතර ඇන්නලු. හැබැයි තෙවැනි පාර මුකුත් කරන්න ලැබිලා නැහැ. ඒ ගයාන් එතනට ආව හින්දා. ඔහු මී හරකව එළවලා තුවාල වෙච්ච කැලුම්ව බේරගෙන. මේක හරියට චිත්‍රපට ජවනිකාවක් වගේ වුණාලු ඇසින් දැකපු අයට. කැලුම් කියනවා එදා එතන ගයාන් නොහිටියා නම් සහේලි නාට්‍යයේ මල්හාමිගේ චරිතයට ගයාන්ට වෙන කෙනෙක්ව හොය ගන්න වෙනවා කියලා.