වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

නිරංකාර මිනිසා

නිරහංකාර මිනිස් ගුණයෙන් යුක්ත වූ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ හදිසි වියෝව කලා ලෝකයට දරාගත නොහැකි පාඩුවකි. නිවන් දකිනා තුරා අප අතරම ඉපිද කලා ලොව සරසන්නට ලැබේවායි පතමි.
 

ආරියදාස පින්දෙනිය

බටවල

පාදුක්ක

කවියට සහ විරිඳුවට අත හිත

මසුරං වටී

ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් තුළින් කවියට සහ විරිඳුවට අත හිත දෙමින් කළ වැඩසටහන මසුරං වටින්නකි. ඉන් නොනැවතී සතියකට වරක් හෝ එවන් වැඩසටහනකට පුංචි ඉඩක් හෝ වෙන් කරන්නේ නම් එය ඉදිරි පරපුරට කවිය සහ විරිඳුව ගැන කරන්නා වූ මඟ පෙන්වීමකි.
 

නීටා මර්සලීන්

වරාගොඩ

කැලණිය

සී. ටී සමුගත් 39 වසරේ සමරුමට තුති

ප්‍රවීණ ගායන ශිල්පී සී. ටී ප්‍රනාන්දු දැයෙන් සමුගෙන 39 වසරක් සපිරීම නිමිත්තෙන් ‘සීගිරි සුකුමාලියේ’ සී. ටී සැමරුම් ගී ප්‍රසංගය සංවිධානය කිරීම පිළිබඳව සැලසිනේ ආයතනය සහ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාට ස්තූතිය පුදකර සිටිමි.
 

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත

මුංහේන

අමරණීය ගී පබැඳේවා

අසුරු සැණින් ගී පබැඳු අජන්තා රණසිංහයන් අද ලොව හැර ගොසිනි. ඔහු ගීත කලාවට අමුතුම ප්‍රබෝධයක් ජනිත කළා වූද ගීත සාහිත්‍ය පෝෂණය කළා වූ ද සුවිශේෂ කලාකරුවෙකි. මතු අත්භවයේදීත් ඔබට අමරණීය ගීත පබැඳීමට ලැබේවා.
 

ප්‍රේමසිරි නාරසිංහ

වල්පල

මාතර

සිළුමිණ සහ සරසවියට සුබ පැතුම්

මාර්තු මස 30 වැනිදා ජන්ම දිනය සමරණ සත දහයේ විශ්වවිද්‍යාලය ‘සිළුමිණ’ටත් අප්‍රේල් 10 වැනිදා 53 වැනි වියට පා තබන ‘සරසවිය’ටත් හෘදයාංගම සුබ පැතුම් පිළිගන්වමි.
 

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත

වත්තල

රජ වුණු චිත්‍රපට

රජගෙදර පරවියෝ
කවුද රජා
රජ දවසක්
රජ කොල්ලෝ
කැකිල්ලේ රජ්ජුරුවෝ
රජ වැඩකාරයෝ
මමයි රජා
ඔක්කොම රජවරු
පෙම් රජ දහන
චණ්ඩි රජා
රජ කෙල්ලෝ
රජ සෙල්ලං
රජ දරුවෝ
සක්විති රජ
සිංහ රජා
රජෙක් වගේ පුතෙක්
රජ වංසෙන් එකෙක්
රජ හොරු
 

සමන් ගාල්ලගේ

කැටපල

ගණේගොඩ

මෝසම් සුළඟ හොඳයි

‘මෝසම් සුළඟ’ ටෙලි වෘතාන්තය අලුත් නැවුම් බවෙන් ගලා යන බව පෙනේ. සුපුරුදු ඒකාකාරි බවෙන් මිදී නවතම මුහුණුවරක් ගැනීම හොඳයි. රංගන ශිල්පී සුරාජ් මාපාගේ ද්විත්ව රංගනයද අගය කළ යුතුමය. ගායනයද මිහිරි ය.
 

ක්ලෝඩ් ලිවේරා

නාලිනි ලිවේරා

මීගමුව

සේන සහ ප්‍රේම්ගේ මතකය

‘මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ’ ගීතය ඇසෙන විට අපට සිහි වන්නේ නැසී ගිය ගායන ශිල්පී කේ සේන සහ නිවේදක ප්‍රේම්නාත් ජයතිලකයන්ය. සංගිතය වෙනුවෙන් ඔවුන් කළ සේවය සදා අමරණීය යි.
 

මනහර මහින්ද

බෙලිගල

බයිලා රජාණෙනි

සත්‍ය සිදුවීම් ගීයෙන් අපට කියූ ඇන්ටන් ජෝන්ස් ගායකයාණෙනි, ඔබ මෙලොවින් සමු ගත්තද ඔබේ ගී හඬ අපේ හදවත් තුළ සදාකල්ම පවතිනු ඇත.
 

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව

රූපවාහිනියට තුති

ඇන්ටන් ජෝන්ස් අවුරුදු හැත්තෑ නවයක් ආයූ වළඳා පසුගියදා අප අතරින් වෙන්වීම දැඩි ශෝක ජනක අවස්ථාවක් විය. සත්‍ය සිදුවීම් ඇසුරෙන් ගීත ගැයූ එකම ගායකයා වන්නේද ඔහු ය. ඔහු පිළිබඳ වැඩසටහනක් විකාශය කිරීම ජාතික රූපවාහිනිය කළ විශාල මෙහෙවරකි.


දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර

රඟමඬලින් සමුගත් හිත හොඳ මිනිසා

දිවි රඟමඬලින් සමුගෙන ගිය ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රේමදාස විතානගේ මෙරට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවටද ඉටු කළේ දැවැන්ත මෙහෙවරකි. ටවර් හෝල් රඟහල පදනම නිෂ්පාදනය කළ සමුද්‍ර දේවි, ශ්‍රී වික්‍රම, ජොසි බබා ඇතුළු වේදිකා නාට්‍ය හැත්තෑවක් පමණ ඔහුගේ රංගනයෙන් හැඩ විය. සිංදු බිංදු ටෙලි නාටයයෙන් පුංචි තිරයට පැමිණ අමතක නොවන චරිත රැසකට පණ දුන් හිතහොඳ මිනිසෙකි. ජය අපටයි, බහු භූතයෝ, චාන්දනී යන චිත්‍රපටවලද රඟ පෑ දක්ෂතම රංගන ශිල්පියෙක් වූ ඔහුගේ වියෝව අපට දරාගත නොහැකි පාඩුවකි.
 

ඩබ්ලිව් ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අදිකාරිමුල්ල

දුනුගහ

අජන්තා ඔබට නිවන් සුව !

පොකුරු පොකුරු මලි පැළඳි ඔමරි ලතාවන්ට දේදුන්නෙන් එන සමනලියන්ට, මංගල මල්දම් පැළැන්ඳු ගේය පද රචකයාණෙනි, ඔබගේ පදවැල් සේම ඔබද සරන්නේ දෙවි දේවතාවුන් විලාසෙන්. අජන්තා රණසිංහ සහෘදයාණෙනි, මතකයේ රැඳුනු ගී රසික සංසදයේ අපි පතමු ඔබට නිවන්සුව !
 

විමලසේන හපුතන්ත්‍රී

අත්තනගල්ල

සදා අමරණීය ඇන්ටන් ජෝන්ස්

යුක්තිය, සාදාරණත්වය, මිනිස්කමට පළමු ස්ථානය ලබා දී ඇත්ත ගීතවලින් රසික රසිකාවන් වශී කළ ඇන්ටන් ජෝන්ස් කලාකරුවාණෙනි කලා ලොවේ ඔෙබි නාමය සදා අමරණීය යි.
 

සිරිල් හේවගේ

හිඹුටුවාල්ගොඩ

කැලණිය

මර්සි වෙන්වී දෙවසරයි

ගුවන්විදුලිය, වේදිකාව, රුපවාහිනිය, සිනමාව, ප්‍රසංග වේදිකාව ආදි වූ මේ සියලු තැන්හි නොමැකෙන සටහන් තැබූ මර්සි එදිරිසිංහ මීට දෙවසරකට ඉහතදී මාර්තු 17 වැනිදා අපෙන් සමු ගෙන ගියාය. ඇය අප සතුටු සයුරේ ගිල්වූ අයුරු ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

පරසතු මල් සුවඳ

සක්විත කුමරුණි සිනමා අඹරේ
රජ පෙළහර ඔබගෙනි සිදු වුයේ
රජ වැඩ කෙරූ සිනමා අඹරේ
ඔබ වේ රජිඳුන් සැමදා තිරයේ

සිනමා සක්විතියන් හට ආසිරි වේවා
මේ ගෙන එන්නේ සැමරුම් ඔබ වෙත සැමදා
කෙදිනකදීවත් එබ අමතක නොවේවා
පරසතු මල් සුවඳ ලොවටම දැනේවා

නිසල වෙලා ඇත අද සිනමා තිරයම
ඔබ නැති බව ලොවහට පතුරා
සිහි වේ ඔබ ගැන යළි යළි මතකය සැමදා
වඩිනු මැනවි යළිත් අපේ සිනමා තිරයට මතුදා

ලාලනි රේණු වික්‍රමසිංහ

උඩදෙණිය වත්ත, පියකන්ද, මාවතගම

කුරුණෑගල

0719538072 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්