වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය

දිගු කලකට පසු

        

සඳ එළිය දිගේ ඇවිත් හිතට හීන රන්දලා
සිත් යායා පුරා සුවඳ තියා කොහෙද ඔබ ගියා
නිල් අහස වගේ හීන අරන් යළිත් එනතුරා
බලා ඉන්නවා මා ආයේ ආයෙමත් ආදරෙන්

මිරිඟු දිය සෙවූ මුවැත්තිය මා හීන මල් පාරේ
දේදුන්නෙ නැඟිලා යන්න පැතුවා ක්ෂිතිජ රේඛාවේ
අයේමත් ආයේමත් ආයේමත් ආදරෙන්

හිතේ දලුලා වැඩුණු හීනේ ඉකි බිඳින යාමේ
මගෙ හිතේ රැඳි දුක රැගෙන යනවද යළිත් පෙර වගේ
ආයේමත් අයේමත් ආයේමත් ආදරෙන්

ගායනය - විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
සංගීතය - ලක්ෂ්මන් හිල්මි
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂක - සුහද ජයමාන්න

දිගු කලකට පසු චරිතා විසින් ගයන ලද වෙනස්ම ආරක ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඇන්ටන් ජේ. චරිතාට ලියූ මුල්්ම ගීතය මෙන්ම ලක්ෂ්මන් හිල්මි විසින් චරිතාට සංගීත නිර්මාණය කොට දුන් මුල්ම ගීතය මෙය වේ. දෙදිනක් පුරා මීගමුව අවට ප්‍රදේශයන්හි මෙය රූගත කර තිබේ.

 

මාතලේ වාකරේ

 කලපුව ළඟ කඩොලාන කැලේ
නුඹෙ රුව දැකලා පපුව ගැහේ
මා පැටලලුණා නුඹගේ ප්‍රේම දැලේ //
හද සසලයි දැකලා නුඹේ
ලා රතු සායේ රැල්ල නැඟේ
කියාගන්න බැහැනේ පපුව පැලේ//

මාතලේ වාකරේ
ගෙනි යන්නයි යාපනේ
මට නින්දක් නෑ ළඳේ සීතලේ
මීමුරේ දන්තුරේ
අපි නඟමුද හපුතලේ
නුඹ ගෙනියන්නම් මං ළඳේ
රට වටේ

කුසු කුසුවට ලිඳ ගාව උදේ
මම උඩ විසි වී වැටුණු වෙලේ
මා පැටලුණා නුඹගේ රෝස තොලේ//
කොලු ගැටවුන් අපේ ගමේ ගොඩේ
නුඹෙ රුව බලමින් හතර අතේ
හිතාගන්න බෑනේ බඹරු වගේ//
මාතලේ වාකරේ ...

ගායනය - නිලංග සිල්වා
පද රචනය - ශෙහාන් ගලහිටියාව
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
මියුසික් වීඩියෝවේ නිර්මාණය - වයිඩ් ඈන්ගල්

සඳකින්නරාවි මගෙ, නිදියන්න ආසයි, පුන්සඳද ඔබ මගේ ආදී ගීත ගැයූ නිලංග සිල්වා වඩාත් ජනප්‍රිය වුයේ සනිධප සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා හැටියට. මේ වන විට ඔහු ඉන් ඉවත් වී ස්පීඩ් නමින් තමන්ගේම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. එකිනෙකට වෙනස් ගීත ගයන්නට නිලංග සමත්. ඒ පිළිබඳ ඔබට වැටහේවි මේ ගීතයේ පදමාලාව කියවලා අවසන් වෙද්දී. නව පරපුරේ බොහෝ දෙනෙකු විරහ ගීත රැල්ලට එකතු වෙද්දී නිලංක මෙවන් වූ ගීතයක් ගැයුවේ අත්හදා බැලීමක් විදිහට. මෙහි සංගීතය නිම වී ඇත්තේ රෙගේ ශෛලියට. කලක් තිස්සේ එවන් වූ ගීයක් ගැයීමට නිලංගගේ හිතේ ආසාවක් තිබුණලු. කෙසේ හෝ කඩොලාන කැලේ සුරූපිනියට පෙම් බැඳි කතාව මේ වන විට හුඟක් ජනප්‍රියයි. මෙහි රූප රචනාව රූගත කොට ඇත්තේ හැඳල අවට ප්‍රදේශයේ. රූප රචනයෙහි රංගනයේ යෙදෙන්නේ ප්‍රමිලා ඇතුළු පිරිසයි. මෙහිදී නිලංග සහ ප්‍රමිලා රඟපාන දර්ශනයකදී ඔවුන් දෙදෙනාම මඩවලක ඇද වැටී තිබෙනවා. නිෂ්පාදන කණ්ඩායම රූගත කිරීම පැත්තකින් තබලා දෙන්නව බේර ගත්තලු.

 

හීනයක් හැබෑ වෙලා

වේදනා සඟවා සිතින්
අදටත් ඔයා පැතුවා
නෑ හිතේ ඔබ හැර කෙනෙක්
කඳුළෙන් ඔයා උන්නා
මැරෙන මොහොතේ ඔයා
ඒවිද මඟ බලා උන්නා
දිවිය තිබෙන තුරා

නැවතත් හැරී ඔබ ඇහුවොත්
වැටහෙයි අනේ ඔබ වැරදියි
එන විට දුරක් මඟ හැරලා
තවෙකෙක් ළඟින් ඔබ උන්නා
මට ඔබව තරම් වටිනා
ලොව නැත කෙනෙකු සදා

ඔබ කී කතා මට පෙරදා
මගෙ හිත පුරා තව මැවුණා
මැරි මැරි සිතක් මට තිබුණා
ඔබ කොහෙ ගියත් සුබපැතුවා
මට ඔබ තරම් වටිනා . . .

ගායනය - ලක්ෂිත වික්‍රමනායක
පද රචනය - සත්සර කසුන් පතිරණ
සංගීතය - දුලිප් මිරැන්ඩෝ
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සත්සර කසුන් පතිරණ

ලක්ෂිත සංගීත ලෝකයට අවතීර්ණ වූයේ මෙම ගීතය හරහායි. මේ ඔහුගේ එක්තරා හීනයක් සැබෑවීමක් කියලා අපෙත් එක්ක කිව්වා. එක් දිනක් තුළදී වැල්ලවත්ත අපට ප්‍රදේශයන්හි රූගැන් වුණ මෙම ගීතයෙහි රංගනයේ යෙදෙනුයේ රුක්ෂානා සහ සංඛයි.