වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මං වැඩිපුරම ලීවේ බුදු ගුණ ගීත

මං වැඩිපුරම ලීවේ බුදු ගුණ ගීත
 

සිරන්ත ප්‍රගීත්

සිරන්ත ප්‍රගීත් නව පරපුරේ ගී පද රචකෙකි. ඔහු මේ වන විට බෞද්ධ ගීත කිහිපයක්ම රචනා කොට ඇත.

'තියා ගිය නුඹ මතක සිතුවම්
දැනුදු සුව ඒ හදට මගෙ මනරම්
ගියත් නුඹ මා හැර දමා
ලබන්නේ මා නුඹෙන් සරදම්'

සිරන්ත විසින් රචනා කරනු ලැබූ මේ ගීය ගයන්නේ දයාන් විතාරණ.

මෙය විරහව ඉස්මතු වන ගීයක්. නමුත් මා වැඩිපුරම ලිව්වේ බුදු ගුණ ගීත. මා සෝම හිමියන් වෙනුවෙන් ගීතයක් රචනා කළා. 'ලොව එකළු කළ කෙතයි සිංහලේට පණ පෙවූ' යනුවෙන් එය ආරම්භ වන්නේ. සජීව සංකල්ප විසින් එම ගීතය සංගීතවත් කොට හඬ මුසු කළා. මා සෝම හිමි ගුණ අනුස්මරණ ගීතය ලිව්වේ උඩුදුම්බර ලංකානන්ද පණ්ඩිත හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුවයි. 'මොන තරම් විසකුරු ද මේ සිත' මා ලියූ තවත් බුදු ගුණ ගීිතයක්. එය ගයන්නේ නිමල් රංජිත්. සංගීතය නාත් බණ්ඩාරගේ.

මගේ ගම කොට්ටාව. ඉගෙන ගත්තේ මහරගම ජනාධිපති විදුහලෙන්. පුංචිම කාලයේ පටන් බෞද්ධ පරිසරයක මා ජීවත් වුණේ. මඩිහේ පඤ්ඤාසීහ හිමි, ගංගොඩවිල සෝම හිමි, කස්සප හිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි යන හාමුදුරුවරු මට ළඟින් ඇසුරු කරන්නට ලැබුණා.

මා පෞද්ගලික ආයතනයක සේවය කරන ගමන් තමයි ගීත රචනයේ යෙදන්නේ. මේ වෙලාවේ මගේ ආයතනයේ චෙරනිකා නාරයන මහත්මිය ඇතුව සියලු දෙනාටත් නිහාල් වික්‍රම එදිරිසූරිය, දිල්රුක්ශාන් දාබරේ, සුපුන් චාමර වැනි අයට තුති පුදනවා.

0766612774 මේ සිරන්තගේ දුරකතන අංකයයි.