වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රයිගම් ටෙලි සම්මාන උළෙලෙන්

රයිගම් ටෙලි සම්මාන උළෙලෙන්

ස්වයංජාතට සම්මාන පිට සම්මාන

බිමල් – දමිතා හොඳම නළු නිළි යුවල

සාරංග නෙහාරාට ජනප්‍රිය සම්මාන

හොඳම නිළිය වූ සතුට සමඟින් දමිතා

 

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අතින් හොඳම නළුවාට හිමි සම්මානය බිමල් ජයකොඩි ලබා ගනිමින්.

සරත් ධර්මසිරි සම්මාන ත්‍රිත්වයක සොම්නස ස්වර්ණවාහිනියේ ලෝක සිතියම සම්මාන දිනා ගනී
ජනප්‍රිය නිළිය නෙහාරා ජනප්‍රියම නළුවා සාරංග

 

අට වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අතිශය උත්කර්ෂවත් අන්දමින් පසුගිය සිකුරාදා සවස බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

පසුගිය වසරේ විකාශය වූ ටෙලි නිර්මාණ ඇගයීමේ අරමුණින් රයිගම් ආයතනය මඟින් පවත්වනු ලබන එය මෙවර නිමාව දුටුවේ ස්වාධීන රූපවාහිනි සම්මාන දහ අටකින් පිදුම් ලබා 2011 වසරේ විශිෂ්ටතම නාලිකාව බවට පත් වෙමිනි.

සැනකෙලියයි මායා ටෙලි සිතුවමේ ආමන්ත ලෙස රඟපෑ බිමල් ජයකොඩි වසරේ හොඳම නළුවා වූ අතර ස්වයංජාත හි එමළියා වූ දමිතා අබේරත්න වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් දෝත දරා ගත්තීය.

සාරංග දිසාසේකර ජනප්‍රියම නළුවාට හිමි තැන ගනිද්දී නෙහාරා පීරිස් ජනප්‍රියම නිළිය විලස කිරුළු පැළැඳීය. සිහින පියාපත් ජනප්‍රියම නාට්‍ය බවට පත් විය.

ඒ ආනන්දජනක රාත්‍රියේ සෙසු සම්මානයන් දිනා ගත්තෝ මෙසේය.

හොඳම ටෙලි නාට්‍ය - ඇත්කඳ ලිහිනියා - සරත් ධර්මසිරි

ඒකාංගික -

සුළඟට එන්න කියන්න - සිරස නාලිකාව

හොඳම අධ්‍යක්ෂ - සරත් ධර්මසිරි – ඇත්කඳ ලිහිනියා

හොඳම තිර රචනය - සරත් ධර්මසිරි – ඇත්කඳ ලිහිනියා

නැගී එන නළුවා - රයන් වැන්රෝයන් – කඩදොර

අතුල පතිරණ - ස්වයංජාත

නැගී එන නිළිය – ප්‍රතිභා හෙට්ටිආරච්චි - සැනකෙළියයි මායා

රශ්මි යාලගල – සුළගට එන්න කියන්න

හොඳම ගායිකාව - නන්දා මාලිනී - ස්වයංජාත

හොඳම ගායකයා - සුනිල් එදිරිසිංහ - ස්වයංජාත

හොඳම ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ - ස්වයංජාත නාට්‍යයේ ‘පාරමී දම් පුරා’

හොඳම සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ - ස්වයංජාත

හොඳම සංස්කරණය – හිමාල් ධර්මරත්න – ඇත්කඳ ලිහිනියා

හොඳම කැමරාකරණය – චින්තක සෝමකීර්ති – කඩදොර

හොඳම කලා අධ්‍යක්ෂණය – දීප්ති මංගලසෝම - ස්වයංජාත

හොඳම අංග රචනය – නලීන් ප්‍රේමතිලක / පූජිත සන්දාදුර - ස්වයංජාත

හොදම රියැලිටි වැඩසටහන – රණවිරු රියල් ස්ටාර්

හොඳම වැඩසටහන් ඉදිරිපත් කරන්නා -

සමිත ප්‍රසන්න ආරච්චි - සිංහල

ෂැරෝන් මස්ක්‍රෙන්හෑස් - ඉංග්‍රීසි

සී. කිරුභාකරන් – දමිළ

හොඳම ප්‍රවෘත්ති නිවේදක -

චේතනා ලියනගේ - සිංහල

ඉෆ්රාන් මොහොමඩ් – දමිළ

මහීනා බොන්සෝ - ඉංග්‍රීසි

හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය -

විමර්ශන – මහව නාගොල්ලාගම ගස්ලබු වගා විනාශය - සිරස

දොම්පෙ පොලීසියට පහරදීම - දෙරණ

හොඳම ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන – ඔබද ලක්ෂපති මම ද ලක්ෂපති

හොඳම සංගීත වැඩ සටහන - සාධු නාද

හොඳම කාලීන වැඩසටහන – සියඹලාණ්ඩුවේ ඇතාගේ නික්ම යාම - සමන් කුමාර රාමවිත්‍රම

හොඳම වාර්තාමය වැඩ සටහන – අපූරු ඉස්කෝලේ මහත්තයා - මයුරි වානගුරු

හොඳම දේශපාලන සාකච්ඡාමය වැඩ සටහන – රතු ඉර – බුද්ධික කුලසේකර

හොඳම අධ්‍යාපනික වැඩසටහන - පටිභා - කරණීය මෙත්ත සුත්‍රය – රන්ජීවනී බැද්දෙවිතාන

හොඳම ක්‍රීඩා වැඩසටහන - ස්ටෝරි ඔෆ් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් – අමන්ත විජේසූරිය

හොඳම ළමා වැඩසටහන – හුරුබුහුටි – අකුර – නාලනී ධර්මරත්න

ජූරියේ විශේෂ සම්මාන

රංගනය -

හිමාලි සිරිවර්ධන - සඳගිරි පව්ව

ප්‍රියංකර රත්නායක - සුළඟට එන්න කියන්න, කඩදොර

ශ්‍රියන්ත මෙන්ඩිස් – ඇත්කඳ ලිහිනියා

වැඩසටහන්:

360

ලෝක සිතියම

ජූරියේ කුසලතා සම්මාන

රංගනය:

චමිල අත්තනායක – සැනකෙළියයි මායා

උද්දික ප්‍රේමරත්න – කප්සුවහස් කල්, ස්වයංජාත, බොඳ මීදුම්

අනුර බණ්ඩාර රාජගුරු - ස්වයංජාත, කෝරලේ මහත්තයා, මරණයක්

ජූරිය මගින් පිරිනමනු ලබන සහතික පත්‍ර (රංගනය)

ප්‍රන්සි ටෙහාරා - අවුරුදු දියණිය

තිෂූණ පෙරේරා - ස්වයංජාත

2010 වසරේ සම්මානනීය නාලිකාව:

ස්වර්ණාවාහිනිය

විශේෂ ප්‍රණාම සම්මානය

තිලක් ගුණවර්ධන

රොස්මන්ඩ් සේනාරත්න

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය

ටෝනි රණසිංහ