වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





සාක් චිත්‍රපට උළෙල

සාක් චිත්‍රපට උළෙල

16 සිට 20 වැනිදා දක්වා තරංගනී ශාලාවේදී

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (සාක්) මඟින් සංවිධානය කරනු ලබන චිත්‍රපට උළෙල ඊයේ එනම් 16 සිට 20 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. එහි චිත්‍රපට තිරගතවන පිළිවෙල මෙසේය.

17 වැනි බ්‍රහස්පතින්දා:

උදෑසන 10.00 ට මයි මදර් ටංග් (බංගලා දේශය, වාර්තා)

උදෑසන 11.30 ප්‍රමෝද් පර්ස්වේන්ගේ ඇන්ඩ් වී ප්ලේ ඩන් (ඉන්දියාව, වාර්තා)

සවස 1.30 ඩැනී ජන්ග්ගේ සේවිං ෆේස් (පාකිස්ථානය, වාර්තා)

සවස 3.30 ට චිනෝයි හුසේන්ගේ සා සා (මාල දිවයින)

සවස 6.00 ට ෂෙයිබ් මන්සූර්ගේ බොල් (පාකිස්ථානය)

18 වැනි සිකුරාදා:

උදෑසන 9.00 – 1.30 දක්වා  ‘Film vs Digital’  මාතෘකාව යටතේ චිත්‍රපට වැඩ මුළුවක් පැවැත්වේ.

සවස 3.00 ට ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් (ශ්‍රී ලංකාව)

සවස 6.30 ට මොර්ෂේඩාල් ස්ලාම්ගේ කේහේලග්හෝර් (බංගල දේශය)

19 වැනි සෙනසුරදා:

උදෑසන 10.00 ට ටී. බී. ඒ. (ශ්‍රී ලංකාව, වාර්තා)

සවස 1.00 ට අන්ජාන් දත්තගේ රජන් අමි ආර් අශ්බෝනා ( ඉන්දියාව)

සවස 3.00 ට මෙහ්රින් ජබ්බාර්ගේ රාම් චන්ද්‍රා (පාකිස්ථානය)

සවස 6.30 ට මුනිම් ෆු අඩිගේ ලූධිකා (මාල දිවයින)

20 වැනි ඉරිදා:

සවස 10.00 ට මොර්ෂේඩුල් ස්ලාමිගේගේ පියෝටෝමේෂු (බංගල දේශය)

සවස 1.00 ට අශෝක හඳගමගේ විදු (ශ්‍රී ලංකාව)

එදින සවස 6.00 ට සම්මාන උළෙල පැවැත්වේ.


Lanka Art ඇරැඹි දා

ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ සියලුම අංශ නියෝජනය වන පරිදි සෑම කලාකරුවකුගේම විස්තර අඩංගු ලංකා ආර්ටිස් වෙබ් අඩවිය බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි පැවති කෙටි උත්සවයකදී මධුමාධව අරවින්දගේ සුරතින් අන්තර් ජාලයට මුදාහළ මොහොතයි මේ. පසෙකින් එහි නිර්මාතෘ සංජු සමරසිංහ සිටියි.


ජූඩ් වෙනුවෙන් සුනිල්ගේ සද්කාර්යය

නැසීගිය කලා ශිල්පී ඇන්ටන් ජූඩ්ට පිං අනුමෝදම් කිරීම උදෙසා දානමය පුණ්‍ය කටයුත්තක් පසුගියදා චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි ගේ නිවසේදී පැවැත්විණ. ඇන්ටන් ජූඩ්ට හිතවත් කලාකරුවන් රැසක් ඒ අවස්ථාව සඳහා සභභාගී වූහ.

මෙම කටයුත්තට අමතරව ඇන්ටන් ජූඩ් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් සුනිල් අරුණ වීරසිරි විසින් ජූඩ්ගේ බිරිය මානෙල් ජූඩ් මහත්මිය ලබා දෙන ලදී.


රොහාන් අමරසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනය අද සිට SF කලාගාරයේ

රොහාන් අමරසිංහගේ නවතම නිර්මාණ රැගත් ‘ජීවිතය’ නම් වූ චිත්‍ර ප්‍රදර්ශනය අද සිට 24 වැනිදා දක්වා කොළඹ 07, ධර්මපාල මාවතේ අංක 61 ‘SF කලාගාරයේ’ ප්‍රදර්ශනය කෙරෙයි.


සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ

සමස්ත ලංකා මට්ටමින් සරසවි නිර්මාණ රංග පීඨය වසරක් පාසා මෙහෙයවනු ලබන සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගය සහ සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය 29 වන වරටත් පැවැත්වීමට කටයුතු කරයි.

විවෘත සහ පාසල් මට්ටමින් පවත්වනු ලබන මෙම කෙටි නාට්‍ය තරගය සඳහා මේ දිනල පිටපත් භාරගනු ලැබේ. පහත සඳහන් ලිපිනයෙන් ඒ සඳහා අවශ්‍ය විස්තර දිවයිනේ කෙටි නාට්‍යකරුවන්ට සහ පාසල් මට්ටමේ තරගකරුවන්ට ලබාගත හැක. ලීල් ආනන්ද ගජනායක- සරසවි නිර්මාණ රංග පීඨය, නො: 174/4, මඩපාත, පිළියන්දල.


හඬ අලුත් කලාපය එළි දකී

ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ සංස්කාරකත්වයෙන් එළි දැක්වෙන ‘හඬ’ ගුවන් විදුලි සඟරාවේ අප්‍රේල් - ජූනි කලාපය දැන් ඔබට කියවිය හැක. මෙවර ‘හඬ’ සඟරාව බුදු සමය මුූලික කර ගනිමින් ලියැවුණු ලිපි මාලාවකින් සමන්විත වී ඇත.


බිඳුණු දම්වැල්’ මංගල දැක්ම 20 දා මොරටුවේ

වත්මන් යෞවනය දැනුවත් කිරීමේ අදහස ඇතිව චානක ප්‍රනාන්දු රචනා කළ හා නිෂ්පාදනය කළ ‘බිඳුණු දම්වැල්’ වේදිකා නාට්‍යය මංගල දැක්ම වේදිකා ගත වෙන්නේ මේ මාසයේ 20 වැනිදා මොරටුව බෞද්ධ මන්දිර ශාලවේ.

‘බිඳුණු දම්වැල්’ හැඩ වෙන්නේ දමිතා සළුවඩන, දිල්රුක් කෝනාර, රජිත චින්තක, ශෂිකා සහබන්දු, රුමෙන් රසාංජල, චානක ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන්ගේ රංගනයෙන්. ශෂිකා සහබන්දුගේ වේෂ නිරූපණය, චින්තක ශ්‍රීමාල් වගේම ගිහාන් සංජීවගේ පසුතල නිර්මාණය, ජනක ප්‍රියශාන්ත, මලික් අශාන්තගේ සංගීතය, නිරිඳු සම්පත්ගේ නර්තන සම්බන්ධීකරණය මෙමවේදිකා නාට්‍යයට දායක වෙයි.


නාලක ස්වර්ණතිලකට අන්තර් ජාතික සම්මානයක්

මාධ්‍යවේදියෙකු වගේම අධ්‍යක්ෂවරයෙක් වුණු නාලක ස්වර්ණතිලක නම් කලා සහෘදයාට පසුගියදා අන්තර් ජාතික සම්මානයක් හිමිවුණු බව ‘සරසවිය’ට අනාවරණය විය.

එය ඔහුට පිරිනැමුණේ පසුගිය 28 වැනිදා බැංගලෝර්හිදී පැවැති අරියබතා සංස්තෘතික සංවිධානය මෙහෙය වූ සම්මාන උළෙලේදීය. මෙමගින් මෙවර සම්මාන ප්‍රදානය සිදු වූයේ තිස් හත්වැනි වරටය.

එහිදී අරියබතා අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ නාලක ස්වර්ණතිලක මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ළමුන් උදෙසා ඔහු කළ නිර්මාණ සහ ළමා කුසලතා වර්ධනය කිරීම සඳහා විවිධ මාධ්‍ය භාවිත කිරීම වෙනුවෙනි. ගුවන් විදුලිය, රූපවාහිනිය, වේදිකාව හා මුද්‍රිත මාධ්‍ය භාවිත කරමින් නාලක සිදු කර ඇති නිර්මාණ හා අධ්‍යාපනික කාර්යයන් මෙහිදී සැලකිල්ලට ලක් වී තිබේ.

දඟමල්ල, ඈන් හා මම වෙනම මලක් නම් ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් ද, 2001 ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ශිල්ප යාත්‍රා නමින් ඇරැඹූ පාසල් මාධ්‍ය සංසදය ඔස්සේ කළ සේවය ද, 2000 වසරේ සිට පාසල් ගණනාවක නාට්‍ය හා ජනසන්නිවේදන වැඩමුළු පවත්වමින් නාලක ඉටු කළ මෙහෙවර ද නාලකට අරියබතා සම්මානය හිමිවීමට හේතුª විය.

විවිධ ක්ෂේත්‍රවල සුවිශේෂී හැකියාවන් හා දායකත්වයක් දැක් වූවන් 80 දෙනෙකු අරියබතා සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර මෙවර එම සම්මානය රටවල් 7 ක සාමාජිකයන් හත් දෙනකුට හිමි විය. ඊට ශ්‍රී ලංකාව ද අයත් වීම විශේෂත්වයකි.


මොරටුව කලා එකමුතුව එක් වේ

මොරටුව කලා එකමුතුවේ දහඅට වැනි වාර්ෂික මහා සභා රැස්වීම මෙම මස 20 වැනිදා සවස මොරටුව ශ්‍රීපාලි අවන්හලේදී පැවැත් වේ.


මිහිර සිරිතිලක හමුවන තරු විමන

සරසවිය පාඨකයන්:

ඩඩ්ලි ගෝමස් – මොරටුව

මේනකා චතුරානි – අම්බලන්තොට

කසුනි නදීකා - පානදුර

කරු මණ්ඩාවල – නාත්තන්ඩිය

චම්පිකා නේරංජි – ගාල්ල