වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





 ‘බොරදිය කඳුර’ අඟහරුවාදා 8.30 ට රූපවාහිනියට එයි

‘බොරදිය කඳුර’ අඟහරුවාදා 8.30 ට රූපවාහිනියට එයි

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුණු නිහාල් ප්‍රනාන්දු කාලයකට පස්සේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පිවිසිලා. ඒ ‘බොරදිය කඳුර’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්. පසුගිය 8 වෙනිදා සිට සතියේ සෑම දිනකම අඟහරුවාදා රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ ‘බොරදිය කඳුර’ විකාශය වෙනවා.

‘බොරදිය කඳුර’ ගැන නිහාල් කිව්වේ මෙහෙම කතාවක්. නිහඬව සිටි කාලයේ කළ අපූරු වැඩක් තමයි බොරදිය කඳුර. මේ කතාව ඔස්සේ මා කතාබහ කරන්නේ අපේකම පිළිබඳයි. ගමත්, පන්සලත් සමඟ තිබුණු සබැඳීයාව, මිනිසුන්ගේ සිතුවිලි, මනුෂ්‍යත්වය ගැන කතා කරන ‘බොරදිය කඳුර’ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙනේවි.

‘බොරදිය කඳුර’ සඳහා රංගනයෙන් දායක වුණේ හයිසින්ත් විජේරත්න, ප්‍රියා රණසිංහ, අවන්ති අපොන්සු, කුසුම් රේණු, මොරින් චාරුණි, විමෝජා නිලන්ති, නිශාදි රත්නාවලී, ජනක් ප්‍රේමලාල් රෙක්ස් හැමිල්ටන්, තිලක් කුමාර රත්නායක, ගාමිණී ජයලත්, තිස්ස බණ්ඩාරනායක, කමල් ජයතුංග, අසේල ජයකොඩි, කුමුදු නිශාන්ත, සෝමවීර ගමගේ, බුද්ධික ලොකුකැටිය, මිහිරි සිරිතිලික, සඳලි නෙත්මිණි ඇතුළු නළු නිළියන් රැසක්.

කැමරාව භාර දුන්නේ බුද්ධික ඉන්ද්‍රජිත්ට. අංග රචනයෙන් වසන්ත විට්ටච්චි, උපුල් මහානාම සහාය වෙද්දී කලා අධ්‍යක්ෂණයෙන් උදව් වුණේ ඇහැළියගොඩ සෝමතිලකයි. සංස්කරණයෙන් ජගත් විරතුංග. සංගීතය සමන්ත පෙරේරාගේ. අඟහරුවාදා රාත්‍රියට ජාතික රූපවාහිනිය වටා පෙළ ගැසෙන්න මා ඔබට ආරාධනා කරනවා.’