වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





සතියේ ගීතය

සතියේ ගීතය

ඡායා

බිඳක් රැඳී අසන් ළෙඳ්
මියුරු ගායනා
යුග නුවන් කොනේ රැහැන් ලිහා
නොයන් මා දමා
හද පැතුම් පුරේ නිරන්තරේ
මැවෙයි ඔබේ ඡායා

ඉඳුනිල් නෙත් කැල්මෙන් වෙළා
මිහිලොල් රසේ දෙතොලේ තියා
දහසක් නඟා රැඳෙන් ළඳේ
දෑස මායිමේ අද සදා වාසනා

හසරැල් විලේ සිහිලෙන් දොවා
දිවි මං තලේ ගිම් හිම් නිවා
රන් සළුව සලා පවන් සලන්
ගායනා අසා සාරදා වාසනා

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය – එච්. ආර්. ජෝතිපාල
අධ්‍යක්ෂණය – දයා විමලවීර