|
අක්ක නගෝ තැනූ වින්සන්ට් ඩේවිඩ්ලාංකීය සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා සංස්කාරකවරයකු වන වින්සන්ට් ඩේවිඩ් මහතා 2012 මැයි 10 වැනිදා කලා ලොවෙන් මෙන්ම ස්වකීය සිනමා සහෘදයන් වෙතින් සදහටම සමු ගත්තේය. සැබැවින්ම එය නිහඬ සමු ගැන්මකි. මෑත කාලයේදී ඔහු තරමක අසනීප තත්ත්වයකින් පසු විය.
එය අයිති වූයේ එස්. එම්. නායගම් මහතාටය. ඒ. බී. රාජ් (ඒ. බාස්කර් රාජ්) අධ්‍යක්ෂවරයා ඔහුට හඳුනා ගැන්මට ලැබුණේ මෙහිදීය. රාජ් මහතාගේ ‘රම්‍යලතා’ චිත්‍රපටයේ සංස්කාරක ලෙස කටයුතු කළ එල්. එස්. රාමචන්ද්‍රන් වින්සන්ට් ඩේවිඩ්ගේ සිනමා දිවියේ ගුරුවරයා විය. වින්සන්ට් ඔහු යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය හා සංස්කරණය ප්‍රගුණ කළේය. ‘සොහොයුරෝ’, ‘දෙයියන්නෙ රටේ’, ‘පුරුෂ රත්නය’, ‘නළඟන’ කුරුලුබැද්ද, ‘සුහද සොහොයුරෝ’ ‘සිකුරු තරුව’ වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂ සහ සහාය සංස්කාරක විය. 1964 සිංහල සිනමාවේ 100 වැනි චිත්‍රපටය තැතුණි. ඒ ‘චණ්ඩාලි’ ය. එහි සංස්කාරක වූයේ ද වින්සන්ට් ඩේවිඩ්ය. 1968 වසරේදී වින්සන්ට් ඩේවිඩ් ‘අක්ක නගෝ’ අධ්‍යක්ෂ හා සංස්කාරක විය. (එය ‘බොක්ස් ඔෆිස්’ වාර්තා පිහිටු විය). මෙහි කැමරාව ප්‍රධාන වශයෙන් විලියම් ඔලම්ස් ගෙනි. 1969 ‘පැංචා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා සංස්කාරක ද වූයේ ඔහුය. 1968 ‘පරසතු මල්’ හි සහාය අධ්‍ය්‍යක්ෂ ලෙස ක්‍රියා කළේය.
එමෙන්ම ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, ඩී. බී. නිහාල්සිංහ, තිස්ස ලියනසූරිය, තිස්ස අබේසේකර, සුගතපාල සෙනරත් යාපා ඇතුලු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් රැසක් සමඟ ඔහු කටයුතු කර තිබේ. ජර්මනියේ බර්ලින් හි ‘සෙන්ටර් ෆයිව්’ චිත්‍රාගාරයේ සංස්කරණය පිළිබඳ ශිෂ්‍යත්වයක් ද ඔහු ලබා ගත්තේය. ‘වත්සලා අක්කා’ චිත්‍රපටය සඳහා හොඳම සංස්කරණය උදෙසා වින්සන්ට් ඩේවිඩ් මතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔවුනගේ වැඩිමහල් දරුවා සුලක්ඛණා සිරස රූපවාහිනී ආයතනයේ වේශ නිරූපන ශිල්පිනියක ලෙස සේවය කරයි. වැඩිමහත් පුතු මහේෂ් එරංගය. ඔහු ඖෂධවේදියෙකි. තෙවැනි පුතා ගයන්ත සම්පත් ටෙලි නාට්‍ය සංස්කාරකයකු ලෙස කටයුතු කරයි. 1993 වර්ෂයේදී වින්සන්ට් ඩේවිඩ් මහතා රජයේ චිත්‍රපට අංශයෙන් විශ්‍රාම ගනු ලැබීය. වින්සන්ට් ඩේවිඩ් මහතාගේ අවමංගල උළෙලට කිසිම වෘතාන්ත සිනමාකරුවකු හෝ නළුවකු හෝ නිළියක සහභාගි වූයේ නැත. |