වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





සෙන්තොසාවේ සිට සන්තොසින්

සෙන්තොසාවේ සිට සන්තොසින්

උදාරි වර්ණකුලසූරිය මේ දිනවල කාලය ගත කරන්නේ සිංගප්පූරුවේ සෙන්තොසා දූපත කිට්ටුව නිවාස සංකීර්ණයක කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වයි.

සිංගප්පූරුවේ නැෂනල් යුනිවර් සිටි රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සැමියා සමඟ සතුටින් නිවාඩුව ගත කරන බවයි ආරංචිය.

උදාරිගේ දියණිය මෙලොව එළිය දකින්නට සූදානම් වන්නේ එම රෝහලේදීම බව ඈ වැඩිදුරටත් පවසනවා.

උදාරි සිංගප්පූරුවේ සිට සරසවිය පුවත්පතට එවා තිබූ ඡායාරූප කිහිපයකි මේ.


රන්ජන් රජවෙයි

සිද්ධාර්ථ රූගත කිරීම් කොළඹ අවට සිදුහත් චරිතය ඇසුරෙන් තැනෙන අලුත්ම චිත්‍රපටය සිද්ධාර්ථ හී රූගත කිරීම් කැලණිය පැලවත්ත අවට ප්‍රදේශයන්හි මේ දිනවල සිදුවේ. සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය වෙනුවෙන් රන්ජන් රාමනායක රජ වෙස් ගෙන තිබේ.

රන්ජන් එහි නිරූපණය කරනුයේ සුද්ධෝදන රජුගේ චරිතයයි.

සිද්ධාර්ථහි සිද්ධාර්ථ කුමරුගේ, මහමායා දේවියගේ, යශෝධරා දේවියගේ සහ දෙව්දත් චරිත රඟනුයේ ඉන්දියානු නළු නිළියන් පිරිසකි. ඒ අයට අමතරව බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, සාරංග දිසාසේතර, රොෂාන් රණවන මෙරටින් මේ සඳහා රංගනයෙන් දායක වේ.

නවීන් ගුණරත්න සහ ජෙෆ් ගුණවර්ධන සිද්ධාර්ථ සිනමා සිතුවම නිෂ්පාදනය කොට තිබේ.