|
ලංකාවේ ඉතාලි ස්ටාර් සාරංග, කපිල, නෙලූ, දයාන්, චන්ද්‍රසේන විනිශ්චය මණ්ඩලයට
මේ ගෙන එන්නට සූදානම් වනුයේ රියැලිටයි තරගයක් පිළිබඳ වතගොතකි. එය පැවැත්වූයේ මෙරට නොව ඉතාලියේය. එහෙයින් එම තරගාවලිය විශේෂ එකක් වනු ඇත. ඉතාලියේ වෙසෙන ගායන හැකියාව ඇති ශ්‍රී ලාංකිකයින් රැසක් මේ සඳහා එකතුවූයේ මහත් වූ උද්යෝගයෙනි. ඉතාලි ස්ටාර් යනුවෙන් නම තැබූ මෙම අපූරු තරගාවලියේ සංකල්පය අජිත් කුමාරතන්ත්‍රීගෙනි . ඔහු ටෙලි නිර්මාණ සහ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනා සිටියි. ඉතාලි ස්ටාර් වැඩසටහනෙහි බර කරටගෙන ඔහු වැඩකටයුතු කරන ලදී. එහිදී සෞම්‍ය සංජීවනි, සචින් කවිෂ්ක, දිලිප නානායක්කාර පිළිවෙළින් පළමු, දෙවැනි සහ තෙවැනි තැන හිමිකර ගත්තෝය. ජනප්‍රියම තරුව ලෙස අභිෂේක ලැබුවේ සෙනාලි පෙරේරාය. ඉතාලි ස්ටාර් ගැන කතිකා කිරීමට අජිත්, ජයග්‍රාහකයින් තිදෙනාත් සමඟ සරසවියට සපැමිණියේය. ඉතාලි ස්ටාර් ගැන වැඩි විස්තර අජිත් විසින් මෙසේ පවසන ලදී.
ඒ හරහා විශාල පිරිසක් අදහස් හුවමාරු කරගත්තා. ඒත් එක්කම මම ඉතාලි ස්ටාර් සංකල්පය ගැන එහෙ පිරිසව දැනුවත්කරන්නට පටන් ගත්තා. ඉන්පසුවයි අයැදුම්පත් කැඳෙව්වෙ. මේ සඳහා අතිවිශාල පිරිසක් අයැදුම් කළා. ඒ ප්‍රමාණය මං හිතුවටත් වඩා විශාලයි. මෙහි විනිශ්චය මණ්ඩලයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, දයාන් විතාරණ, නෙලු අධිකාරි සහ කපිල පුගලආරච්චි මං එකතුකරගත්තා. මෙහිදී මට ආව ප්‍රධානම අභියෝගය තමයි මුදල් ප්‍රශ්නය. ඒක විසදගන්න මට කිහිපදෙනෙක් උදවු කලා. අනුග්‍රාහකයින් වශයෙන් මොන්දෝම් ග්‍රාන්ති ආයතනයේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රනාන්දු, වන්සර්විස් ආයතනයේ සාලිය පෙරේරා. මැකේෂන් ට්‍රැවල් අධිපති දිමුතු සමීර ප්‍රනාන්දු, ගායන ශිල්පී චානක අඹේගොඩ, සෙනුත් ට්‍රැවල් අධිපති ට්‍රෂාන් ප්‍රියශාන්ත ලෙස ඔවුන්ව මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි. නිෂ්පාදක උපදේශක වශයෙන් උපනන්ද කාරියවසම් සහ තිලකා සමරවීර දායක වුණා. නිල නිවේදකයන් ලෙස මහින්ද පතිරණ සහ ගායනා ශ්‍රීනාල් එකතුවුණා. ඡායාරූප ගත්තෙ මධුශාන් තිසේරා සමඟ රවීන් සෙනෙවිරත්න. අවසන් තරගය නිවේදන කටයුතු කළේ සාරංග දිසාසේකරයි.
ඉතාලි ස්ටාර් පළමුතැන දිනූසෞම්යා සංජිවනීමං පදිංචවෙලා ඉන්නෙ ඉතාලියේ වෙරොනාවල. මේ වන විට වසර එකහමාරක් පමණ වනවා මං ඉතාලි ඇවිත්. විවාහවෙලයි මං මෙහෙ ආවෙ. මගෙ ගම ගම්පොළ. ඉගෙනගත්තෙ පුස්සැල්ලාව ශුද්ධ ත්‍රිත්ව විදුහලෙන් සහ මහනුවර සීතාදේවි විදුහලෙන්. ලංකාවෙ ඉන්නකොට යුද හමුදා තූර්ය වාදක මණ්ඩලයේ අපරදිග අංශයේ අවුරුදු අටක් සේවය කළා. මට මේ තරගය ගැන දැනගන්නට ලැබෙන්නෙ ෆේස්බුක් හරහා. නිකමට වාගෙ තමයි අයැදුම් කළේ. හිතුවෙ නැහැ දිනයි කියලා. ඒත් මං දිනුවා. දැන් මං එහෙ ගොඩක් ජනප්‍රියයි. ෂෝස් එහෙමත් ලැබෙනවා. මේ වෙලාවෙ මගෙ හස්බන්ඩ් සහ පවුලේ උදවියව මතක්කරන්නට කැමැතියි. මා රණවිරු ස්ටාර් එකෙන් අවසන් වටයට ආවා.
දෙවැනි ස්ථානය දිනූ
|