|
නැතුව බැරි මිනිහෙක්
මේ යුගයේ කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා කවුද යන පැනයට ඇත්තේ එකම එක උත්තරයක් පමණයි.
ඒ ඩොනල්ඩ් ජයන්ත. මේ ඩොනල්ඩ් දශක ගණනාවක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු
කරන්නේ ඉතාම වගකීමෙන්. අද වන විට ගෞරව නාම රැසකින් ද ඔහු පිදුම් ලබා තියෙනවා.
ඩොනල්ඩ් පසුකාලීනව සිනමා අධ්‍යක්ෂවරයකු බවට ද පත් වුණා. ඒ ප්‍රවේගය හා මායා හරහා.
ඩොනල්ඩ් ජයන්ත සිනමා ක්ෂේත්‍රයේ ඉහළ තැනකට ආවේ කට්ට කාලා. මහන්සි වෙලා. ඒ ගමන කාටත්
වඩා හොඳින් දන්නේ සරසවිය. ඩොනල්ඩ්ට සරසවිය සලකන්නේ මිතුරෙක් හැටියට. සහාය
අධ්‍යක්ෂණයෙන් නොනවතින ඩොනල්ඩ් එය තිරගත වීම දක්වා සියලු බර කරට ගන්නවා. ඒ විතරක්
නොවේ අනුන්ගේ චිත්‍රපටවලදීත් එහෙමයි. මේ නිසා ඩොනල්ඩ් නැතුවම බැරි පුද්ගලයෙකු වෙලා
තියෙනවා.
|