වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මචං ඒ රොඩ්නි

මචං ඒ රොඩ්නි

පසුගිය සරසවිය පුවත්පත නිකුත් වූ දින උදෑසනින්ම රොනී ලීච් අපට දුරකතන ඇමතුමක් දුන්නා. මචං පොඩි වැරැදීමක් වෙලා. අර දෙවැනි පිටුවේ තිබුණ ෆිල්ම් එකක් ගැන ආර්ටිකල් එකේ නළු නිළියන්ගේ ගොඩේ මගේ නම ගිහිල්ලා. මං ඒකේ රඟපෑවේ නැහැ. රොඩ්නි වර්ණකුලගේ නම වෙනුවට මගේ නමයි ගිහිල්ලා තියෙන්නේ. මචං මට පබ්ලිසිටි වුණාට පවුනෙ මචං රොඩ්නියා.

රොනී අපව දැනුවත් කළා. අනුන්ගේ දෙවල්වලට තමන්ගේ නම දාගන්න රටේ, තමන්ගේ නම යොදපු එක ගැන විතරක් නෙවෙයි එයට අදාළ නියම කෙනාත් හොයලා දෙන්න තරම් නිහතමානී කෙනෙක් තමයි රොනී ලීච්.