වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




28 + 2 = ?

28 + 2 = ?

එක දිගට එක ළඟ දින දෙකක් ඇතුළත හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකට හිමි සම්මානය කෙනෙකුට ලැබුණා නම් ඒක සැබෑ වාසනාවක්. සිනමා ඉතිහාසය පරීක්ෂා කර බලන කල එහෙම සිදුවීමක් අතිශය දුර්ලභය. මේ වාසනාව හිමි කර ගත් අධ්‍යක්ෂවරයා කවුද දන්නවාද. ඔහු තමයි ප්‍රසන්න ජයකොඩි. එක ළඟ දින දෙකක් ඇතුළත සම්මානිත වූ සිනමාපටය තමයි 28. මෙවර පැවැත් වූ සාර්ක් සිනමා සම්මාන උලෙළේදී ප්‍රසන්නගේ 28 හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඊට කලින් දිනයේ පැවැත් වූ දෙරණ සිනමා සම්මාන උලෙළේදීත් ප්‍රසන්නගේ මෙම 28 සිනමාපටය හොඳම චිත්‍රපටය වුණා. 28 කියන්නේ ප්‍රේක්ෂක අවධානයට මෙන්ම විචාරකයින්ගේ ග්‍රහණයට දැඩිව පත් වූ සිනමාපටයක්. එහි රඟපෑ මහේන්ද්‍ර, සේමිණි, සරත්, රුක්මල් වැනි අයගේ රංගනයන් ඉතාම ඉහළයි කියලා කියන්නට පුළුවන්.