වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




හඬ අම්මාගේ රුව දෝණිගේ

හඬ අම්මාගේ රුව දෝණිගේ

මේකත් එක්තරා වාර්තාවක්. මේ වාර්තාවට නම් මෙතෙක් කවුරුවත් හිමිකම් කියා නැතුව ඇති. මෙයට පාදක වන්නේ අම්මෙකුයි දුවෙකුයි. අම්මා තමයි සමිතා මුදුන්කොටුව. දුව කාවින්ද්‍යා අධිකාරි. බලමු දැන් මේ දෙදෙනාගේ වාර්තාව මොකක්ද කියලා. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළා ඝරසරප යනුවෙන් සිනමාපටයක්. එහි කාවින්ද්‍යා රඟපානවා. ඇයගේ කුලුඳුල් රංගනය තමයි ඒ. එහිදී ඇයට පසුබිම් ගායනයෙන් දායක වන්නේ ඇයගේම මව වූ සමිතායි. සිය දියණියට මව ගීත ගැයූ ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි. ඉදිරියේදී තිරගතවීමට නියමිත ඝරසරප හරහා අම්මගෙයි දුවගෙයි මේ වික්‍රමය බලාගත හැකි වෙනවා.