වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ආගමයි චරිතයයි: Sarasaviya e edition - Lake House - Sri Lanka

ආගමයි චරිතයයි

නන්ද වික්‍රමගේ කිව්ව සැණින් අපට මැවෙන්නේ සුදු, උස, තට්ටෙ තියෙන කෙනෙක්ව. මේ ස්වරූපය හින්දම ඔහුට වැඩිපුරම ලැබෙන්නේ හාමුදුරු චරිත.

අනේ ඉතින් නන්දෙත් එපා කියන්නේ නැහැ. බොහොම ආසාවෙන් තමයි නන්දෙ මේ හාමුදුරු චරිත කරන්නේ. එහෙම චරිත කරලා කරලා නන්දෙ අයියා වාර්තාවක් තියන්න වගේ හදන්නේ. ගණනින් ගත්තොත් ඔහු මේ වන විට නිරූපණය කළ හාමුදුරු චරිත ගණන සියය ඉක්මවලා.

එක් නළුවෙක් මෙවන් වූ වාර ගාණක් විවිධ නිර්මාණවල එකම චරිතය මීට පෙර කරලා නැතුව ඇති. හොයලා බැලුවොත් ඒක වාර්තාවක් තමයි. වැඩේ කියන්නේ ඒක නෙවෙයි. මෙච්චර හාමුදුරු චරිත ගණනාවක් කළ නන්දෙ කතෝලික කෙනෙක්. කිව්වට විශ්වාස කරන්නත් බැහැ නේද.