වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: දහඅට දෙනෙකුට සංගීතය: Sarasaviya e edition - Lake House - Sri Lanka

දහඅට දෙනෙකුට සංගීතය

මේ මාසේ 27 වැනිදා එනම් එන සෙනසුරාදා විජය කුමාරතුංගයන් වෙනුවෙන් උපහාර ගී ප්‍රසංගයක් පැවැත්වෙනවා. කොළඹ නව රඟහලේදී දිග හැරෙන එහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නළුවෙක්. ඇයි? නළුවන්ට සංගීත අධ්‍යක්ෂණය කරන්න බැරිද? කියා ඔහු අපෙන් අහනවා. ඔය උඩ ඉන්න රූපෙ ඉන්නේ ඒ නළුවා. නම ජීවන් හඳුන්නෙත්ති.

නළුවකු වගේම ගායකයකු ලෙසින් ද ඔහු හරි ප්‍රසිද්ධයි. ඒත් සංගීත අධ්‍යක්ෂවරයකු හැටියට නම් වැඩි දෙනෙකු ඔහුව දන්නේ නැහැ. ජීවන් සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යනවා. ඒ වුණාට සංගීත අධ්‍යක්ෂණයේ යෙදුණේ නැහැ.

ජීවනුත් මෙවන් වූ දැවැන්ත වැඩක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ ද ප්‍රථම වතාවටලු. එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි කලාකරුවන් දහ අට දෙනෙකුට වඩා ප්‍රමාණයක් ගයද්දී එදින ජීවන් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා.