වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




කාවිංග-මල්කුමාරි හිරු-සූරියන් ආදර කෝච්චියේ

කාවිංග-මල්කුමාරි හිරු-සූරියන් ආදර කෝච්චියේ

ඒඕඛ් මාධ්‍ය ජාලයේ සහෝදරරේඩියෝ නාලිකාවන් වන හිරු එෆ්.එම්, ෂා එෆ්.එම් සහ සූරියන් එෆ්.එම් එකමුතුවෙන් මෙවර පෙබරවාරි 14 වැලන්ටයින් දින සුපුරුදු උත්කර්ෂයෙන් පෙම්වතුන් පිරිවරා ‘ලව් ට්‍රේන්’ ආදර කෝච්චිය කොළඹින් ගමන් ආරම්භ කලා. ඒ හික්කඩුව පුරවරයටයි. හිරු, ෂා, සූරියන් නාලිකා කලකට පෙර පෙම්වතුන් දැනුවත් කර,එවන ලද අයදුම් පත් දහස් ගණනක් අතරින් පෙම් යුවල සියයකට ආසන්න පිරිසක් මේ ආදර කෝච්චියේ යාමට වාසනාව උදා කර ගත්තා.

14 උදෑසන 9 පමණ ගමන් ආරම්භ කල දුම්රිය පැය දෙකක ගමනකින් අනතුරුව හික්කඩුවට ළඟා වුණා. විශේෂත්වය වන්නේ කිසිම පෙම් යුවලක් තමන්ගේ ගමනාන්තය කොතැනකද යන්න නොදැන සිටීමයි. ඒ‘ලව් ට්‍රේන්’ විසින් පෙම්වතුන්ට දුන් කුහුලක්. සුඛෝපොභෝගී එක්ස්පෝ රේල් දුම්රියක ආගන්තුක සත්කාර විඳ ගනිමින් හික්කඩුවට පැමිණි පෙම්වතුන්ගේ ඊළඟ නැවතුම වූයේ හික්කඩුව‘අවෙන්රා බීච්’ හෝටලයයි.

සංගීතය පිරි ත්‍යාග සපිරි ඒ පෙම්වතුන්ගේ හෝරා කිහිපය ඇරඹුනේ හික්කඩුව‘ෂයින්’ සංගීත කණ්ඩායමේ ආදරබර ගීත සංග්‍රහයත් සමගිනි. පෙම්වතුන්ගේ හිත ගත් කළාකරුවන් අතරින් ලව් ට්‍රේන් දුම්රිය ගමනට එක් වූ ජනප්‍රිය නිළි මල්කුමාරි ගීතරානි මෙන්මරොමේෂ් සුගතපාල, සචිත් පීරිස්, සුප්‍රියා අබේසේකර, කවීෂ කවිරාජ් යන ගායක ගායිකාවන් ආදර සංග්‍රහය ගීයෙන් හැඩ කලා. පැමිණිපෙම්වතුන් පෙම්වතියන්ට අමතක නොවන තෑගි භෝග බොහොමයක් ලබා දෙන්නටත් ඔවුන් වෙනුවෙන් විනෝද ජනක අංග සංවිධානය කරන්නටත් ABC මාධ්‍ය හිතවතුන් අමතක කලේ නැහැ. Kando එහා Stone & Strings වෙතින් වටිනා තෑගි ලැබෙද්දී ඹ්භය වෙතින් රන් පෙන්ඩන්ට් වරම්ගුවනින් හෙලන්නට කටයුතු කලා. එහිදී පෙම් යුවල පහක් රන් පෙන්ඩන්ට් ලබා ගැනීමට වාසනාවන්ත වුනා.

‘ලව් ට්‍රේන්’ ABC මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි ආරම්භ කල අතර පසුගිය කාලය පුරාම පෙම්වතුන් වෙනුවෙන් ලව් ට්‍රේන් සංවිධානය කරට ගත්තේ එහි වැඩසටහන් අධ්‍යක්?ෂ අරවින්ද ලොකුගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමයි. සියලු පෙම්වතුන් කොළඹින් බැසගද්දී ඔවුන් අතේ ඔවුන්ගේ අලංකාර ඡායාරූපයක් සහිත කී ටැග් එකක් විය. ආදර කෝච්චියේ දවස එසේ නිමා විය.