වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මෙහෙමත් හඬ කැවීමක්...

මෙහෙමත් හඬ කැවීමක්...

රමණී සිරිවර්ධන ගියා තමන් රඟපෑ චිත්‍රපටයක හඬ කැවීම් කටයුතු සඳහා. වැඩ කටයුතු හමාර කරලා ඇය එන්න හදද්දී සහාය අධ්‍යක්ෂවරයා දුවගෙන දුවගෙන ආවලු.

'අනේ අක්කේ තව පොඩි චරිතයක් තියෙනවා හඬ කවන්න බැරිද' රමණීට ඔහු එහෙම කියලා.

ඇය ඉතින් නෑ බෑ නොකියා ඒ චරිතයටත් හඬ කවලා. ආයේ එන්න හදද්දී සහාය අධ්‍යක්ෂවරයා නැවතත් පෙර කතාවම කියලා. රමණී ආයෙත් ස්ටුඩියෝ එක ඇතුළට ගිහිල්ලා. මේ වගේ චරිත තුනකට විවිධ හඬවල්වලින් රමණී හඬ කවලා. ජීවිතේ ප්‍රථම වතාවටලු රමණී ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ.