වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 75

සිංහල සිනමා විස්තරය - 75

සරදියෙල්ගේ පුතා

තිරගත කිරීම – 1976 සැප්තැම්බර් 10
ඉදිරිපත් කිරීම – මධුර චිත්‍රපට සමාගම
නිෂ්පාදනය - ඩේවිඩ් වික්‍රමරත්න, නීල් රූපසිංහ
අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ
නිෂ්පාදන සහාය - ටෙරන්ස් මුණසිංහ,
වින්සන්ට් වික්‍රමසිංහ, එස්. පෙරුමාල්, සිරිල් සූරියආරච්චි
තිරනාටකය – නීල් රූපසිංහ, ඇන්ටන් ග්‍රෙගරි
දෙවන කණ්ඩායමේ අධ්‍යක්ෂ – ඇන්ටන් ග්‍රෙගරි
කැමරාකරණය - ලෙනින් මොරායස්
සංස්කරණය – ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
කතාව සහ දෙබස් – ඩී. කීරගලආරච්චි
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. එස්. සී.)
චිත්‍රාගාරය – විජය – හැඳල
නිෂ්පාදන කළමනාකරු - කරුණාදාස පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත – කවුදෝ මිනිසාගේ දෛවේ – මිල්ටන්
මල්ලවආරච්චි (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
අතට අරන් එන්න මැණිකේ – එච්.ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු (කරුණාරත්න අබේසේකර)
ඔන්න එකමත් එක නන්දා මාලනී සහ පිරිස
(සුනිල් ආරියරත්න) (ගී තනුව සහ සංගීතය – නන්දා මාලනී)
ගීත පොත් - ශාන්ති පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
කුඩා ළමුන්ගේ නැටුම - සුනෙත් ගෝකුල,
නන්දා මාලනී ගෝකුල
නිෂ්චල ඡායාරූප – එස්. වී. සිවසුබ්‍රමනියම්
ඇඳුම් නිර්මාණය – කීර්ති යූ. කරුණාරත්න
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
වේදිකා සැරසිලි - ඇන්ටන් ගුරුසාමි,
එස්. ඩී. ඇලෝසියස්
කැමරා ක්‍රියාකරවීම – එස්. වී. සිවසුබ්‍රමනියම්, ඇන්තනී සිල්වා
රසායනික සහාය – එම්. රාමචන්ද්‍රන්,
වී. සිවදාසන්, එස්. පී. සිවරාජ්, එච්. එම්.ප්‍රේමදාස
නළු නිළියන් – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (සිරි), මාලනී ෆොන්සේකා (සුබා), ආනන්ද ජයරත්න (වොට්සන්), අග්‍රා සජීවනී අල්විස් (පලි¼ගු) ටෝනි රණසිංහ (රවි), රුක්මණී දේවි (ළමාතැනී), ඇන්තනී සී. පෙරේරා (සූටින්), ශාන්ති ලේඛා (සිරිගේ මව), සයිමන් මරවනාගොඩ (රටේ මහත්තයා), චන්ද්‍රපාල ෆර්ඩිනැන්ස් (සරදියෙල්), ඊ. ඇල්. එච්. නිකලස් (ගවනර්), සුමේධ හිමි (සාදු), ළමා - රවි පෙරේරා (සිරි), ළමා - අතුල පෙරේරා (සූටින්), වින්සන්ට් කරුණාරත්න, ඊටන් පෙරේරා, ඔබ්රි නික්ලස්, කේ. ආර්. ඇන්ඩසන්, අන්කල් රෝඩේ, අරවින්ද රාජා, ක්‍රොන්ඩ්‍රට් පෙරේරා, ෂෝට් 01, ෂෝට් 02.
ආරම්භක සිනමා ශාලා - සැවොයි –
වැල්ලවත්ත, ක්‍රවුන් – මරදාන ඇතුළු
සිනමාහල්වලදී.
මංගල දර්ශනය ගරු කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
විශේෂතා - නන්දා මාලනී ගෝකුල සහ සුනෙත් ගෝකුල ඉදිරිපත්කළ විනාඩි 8 ක වටු වැද්දාගේ කතාව මුද්‍රා නාට්‍යය මෙයට ඇතුළත් වීම.


දෙයියන්ගේ තීන්දුව

තිරගත වූ දිනය – 1976 සැප්තැම්බර් 24
ඉදිරිපත් කිරීම – මීනා මූවිස්
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ
කැමරා අධ්‍යක්ෂණය – එස්. තේවේන්ද්‍ර
තිරනාටකය, කතාව සහ දෙබස් - ඩබ්ලිව්. බෙනඩික් ප්‍රනාන්දු
සංස්කරණය - තෝමස් ප්‍රනාන්දු, ඒ. පානියදාසන්, පෝසප් ඇල්ප්‍රඩ්
වේශ නිරූපණය - සනත් සී. විජේවර්ධන
කලා අධ්‍යක්ෂණය – ඩී. එල්. බී. අමරසිංහ
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – රිචට් ද සිල්වා
පසුබිම් සංගීතය – තිලක් කරුණාරත්න
ගීත ප්‍රබන්ධය - බෙනඩික් ප්‍රනාන්දු, සරත් සන්දනායක
ගීත සංඛ්‍යාව - 06
ගීත – කල එළිවුනා - සරත් සන්දනායක, දයා හේමන්තා (සරත් සන්දනායක)
මද පවන හමන හරි සීතයි - සරත් සන්දනායක, දයා හේමන්තා (සරත් සන්දනායක)
හොඳ නම ලොවේ රුවන් වගේ – ලතා වල්පොල
සමාන වී ඉපදී මිහිතලාවේ – මිල්ටන් පෙරේරා
බලන්න අම්මා සහ පුතුන් - මොහිදීන් බෙග්
සසරෙහි සැප සිහිනෙන් ගෑ - මිල්ටන් පෙරේරා
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් – නීටා ප්‍රනාන්දු, ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, ඇන්තනි සී. ප්‍රනාන්දු, ලෙනී කුරුප්පු, රීටා රත්නායක,, මාක් සමරනායක, සීතා කුමාරි, පියදාස විජේකොන්, චිත්‍රා ද සොයිසා,, දේවිකා කරුණාරත්න, බී. ඇස්. පෙරේරා, උපුල් ගමගේ, ලිලියන් එදිරිසිංහ, දොන් සිරිසේන, රුවිනා දීපානී, මාටින් ගුණදාස.
ප්‍රදර්ශනය – රිට්ස් ඇතුළු 03 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 ක දී ප්‍රදර්ශනය කරන ලදී.
මෙහි මංගල දර්ශනයක් නොවීය.
ප්‍රදර්ශන කාලය – රිට්ස් හා අශෝකා සිනමා ශාලා හි දින 56 ක් පෙන්වන ලදී.


මංගලා

තිරගත වූ දිනය – 1976 ඔක්තෝම්බර් 15
නිෂ්පාදනය - දේශීය චිත්‍රපට නිෂ්පාදක සමුපකාර සමිතිය
කතාව - ටී. බී. ඉලංගරත්න (මෙනමින් යුත් නව කතාව ඇසුරිනි)
තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය – ටයිටස් තොටවත්ත
සංස්කරණය – ටයිටස් තොටවත්ත, සුජාතා තොටවත්ත
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී
සැකසුම – විජය චිත්‍රාගාරය
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
පසුබිම් සංගීතය - සෝමදාස ඇල්විටිගල
ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
ගී තනු නිර්මාණය – ක්ලැරන්ස් විජේවර්ධන
ගීත සංඛ්‍යාව - 04
ගීත - සුහද ඇරයුම ඔබටනේ – ලතා වල්පොල (කරුණාරත්න අබේසේකර)
සැලෙන හදවතේ - සුජාතා අත්තනායක (කරුණාරත්න අබේසේකර)
කුලුඳුල් ආදරේ රහස දැණුනා - මිල්ටන් මල්ලවආරච්චි, සුජාතා අත්තනායක (සුනිල් ආරියරත්ත)
පුංචි පුතුනේ මේ අහන්න – ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලෙයි
නළු නිළියන් – නීටා ප්‍රනාන්දු, පීටර් පැබ්ස්ට්, ටෝනි රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, සුමනා අමරසේන, රූබි ද මෙල්, විජය නන්දසිරි, වී. ටී. ජී. කරුණාරත්න, එච්. එම්. නවරත්න, චන්ද්‍රා කළුආරච්චි, සෝමසිරි දෙහිපිටිය, ක්‍රිස්ග්‍රිට්, උන්ඩුලා පැබ්ස්ට්,(ළමා) පියදාස ගුණසේකර.
මංගල දර්ශනය – ගරු ජනාධිපති විලියම් ගොපල්ලව සහ එම ආර්යාව, අගමැතිනිය හා ටී. බී. ඉලංගරත්න මහතා ඇතුළු ආරාධිතයන් සමඟින් ලිබර්ටි ශාලාවේ දී පැවැත්විණ.
ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී, සැපයාර්, සෙයින්ස්තාන් ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී ප්‍රදර්ශනය ඇරඹීය.


නිල්ල සොයා

තිරගත වූ දිනය – 1976 නොවැම්බර් 12
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
නිෂ්පාදනය – පියසේන ද සිල්වා
කතාව - ඊ. ඇම්. ජී. එදිරිසිංහ
දෙබස්, තිරනාටකය - සෝමපාල ලීලානන්ද
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය – ඩැනී. ඩබ්ලිව්. පතිරණ
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
සංස්කරණය – ලාල් දිසානායක සහාය ස්ටැන්ලි ද අල්විස්
කැමරා සහාය – ඒ. අයි. තුවන්කිචිල්, ජී. නන්දසේන, ඇන්ටන් පෙරේරා
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරසිංහ, ලයනල් සිල්වා
නැටුම් නිර්මාණය - සිරිල් අමරසිංහ, ස්පිරෝ ඈන්ඩ් සෙලීනා
නැටුම් කණ්ඩායම් – නන්දපාල කලායතනය, ගැමුණුවීර කලායතනය
සටන් – ඩී. ඒ. වෙල්ගම, උපතිස්ස පෙරේරා, කනිෂ්ක ජයසිංහ
ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ, සාගර ටේලර්ස්, හර්කියුලිස් ටේලර්ස්
නිෂ්පාදන විධායක - සරත් එම්. රණවක
නිෂ්පාදන කළමනාකරු - කමල් සමරසිංහ
සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – එස්. පී. බාලසුබ්‍රමනියම්, ජෝර්ජ් මනතුංග, මර්වින් රුද්‍රිගු
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – එස්. එම්. සමරසිංහ, එස්. කමල්ඩීන්, තෝමස් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත සංඛ්‍යාව - 06
ගීත - යෞවන උයනේ පියුම් තටාකේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක (සෝමපාල ලීලානන්ද)
නිල්ල නඟන ස්වර්ණ කිකිණි – මිල්ටන් සහ පිරිස (සෝමපාල ලීලානන්ද)
පෙම් පෙම් නද පාවේ – මිල්ටන්, ඇන්ජලින් (සෝමපාල ලීලානන්ද)
මියුරු පෙම් මදිරාවේ – මිල්ටන් (කරුණාරත්න අබේසේකර))
සිටු මැදුරේ හෝ පුංචි පැලේ - ඇන්ජලින් (සෝමපාල රත්නායක)
කෙල්ලේ මා ආදර කෙල්ලේ - මිල්ටන් (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්චල ඡායාරූප – තිලක් වේහැල්ල
නාමාවලිය – ගාමිණී සමරවීර
නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (නන්දන, ධර්මේ), මානෙල් වානගුරු (නිල්මිණි, සීතා, මීනා), රෙක්ස් කොඩිප්පිලි (දිසා/ හාමු), ෆරීනා ලායි (සුමනා), සේනක පෙරේරා (අලි), සෝමසිරි දෙහිපිටිය, විමල් කුමාර ද කොස්තා, බන්දු සමරසිංහ, මාටින් ගුණදාස, කුසුම් පෙරේරා, රත්නාවලී කැකුණවෙල, නීතා අතපත්තු, චන්දි රසිකා, අරුණ ශාන්ති, ඩී. ඒ. වෙල්ගම, උපතිස්ස පෙරේරා, කනිෂ්ක ජයසිංහ.
මංගල දර්ශනය – රාජ්‍ය ආරක්ෂක උප ඇමැති ලක්ෂ්මන් ජයකොඩි, මන්ත්‍රී ආනන්ද සිරිසේන සහ නළු නිළියන් ප්‍රධානව සැවොයි සිනමා ශාලාවේ දී සවස 6.00 ට පැවැත්විණි.
ප්‍රදර්ශනය – හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 ක දී.