|
ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් පෙර පුහුණුව දැන් මහරගම
එහි පෙර පුහුණුවීම් එහෙමත් ලහි ලහියේ මේ වන විටත් මහරගම යොවුන් රඟහලේදී පැවැත්වෙන බවයි වාර්තා වුණේ. අපි මේ පිළිබඳ වැඩි යමක් සොය බලන්න උනන්දු වූයේ මෙය වෙනස්ම ආරක ප්‍රසංගයක් කියලා ආරංචි වුණ හින්දයි. ප්‍රසංගයේ නම ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්. කලාකරුවනට වෙන් වූ වෙබ් පිටුවක් වන ලංකා ෆේසස් වෙබ් අඩවිය මගිනුයි එය සංවිධානය කර තිබෙන්නේ. කොළඹ නෙළුම් පොකුණේදී එළඹෙන සැප්තැම්බරයේ පළමුවැනිදා දිග හැරීමට නියමිත මෙම දැවැන්ත ප්‍රසංගයට ඉහත සඳහන් කළ පිරිසට අමතරව අමීශා කාවින්දි, ලුඩ්මිලා, නුවන් ගුණසේකර, සංඛ ප්‍රසාද්, ගයේෂා පෙරේරා, දොන් ගයි, අජිත් වීරසිංහ, මේනකා පීරිස්, සමන් ඒකනායක, මංජුල මොරගහ, ශලනි තාරකා, විශාඛා සිරිවර්ධන, ප්‍රේමදාස විතානගේ, කුමාර තිරිමාදුර යන අයත් නර්ථනයෙන් විචිත්‍රණය කරනවාලු. ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් පිළිබඳ වැඩි විස්තර සරසවිය ඉදිරි කලාපවලින් ගෙනෙන්නටත් අපි සූදානම්.
සුගත් සමරකෝන්ට හෙළ උරුමයෙන් සම්මානයක්
එහිදී සුගත් ලබා ගත්තේ හෙළ සිනමාව ඓතිහාසික ඉසව්වකට නිර්මාණශීලීව රැගෙන යාමේ අපූර්ව සිනමාවේදියාට හිමි සම්මානයයි. මහරගම යොවුන් රඟහලේ පැවති මෙම චාම් උත්සවය සඳහා අමාත්‍ය පාඨලි චම්පික රණවක, අතුරුලියේ රතන හිමියන්, විජය කුවේණි නිෂ්පාදක ගයාන් රණධීර ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ. අති සාර්ථක අන්දමින් තිරගතවන විජය කුවේණි එළඹෙන 16 වැනිදාට දින සියය සපිරෙයි.
සම්මානනීය වූ දහසක් සිතුවිලි ඩී. වී. ඩී. තැටියක් වෙයි
ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, දෙනවක හාමිනේ, නිලන්ති විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ධම්ම වන්නිආරච්චි, සුමනා අමරසිංහ, සරෝජනී සුබසිංහ, චම්පා ලියනගේ, ලොනී වීරසිංහ යන නළු නිළි කැළගේ රැඟුමෙන් ඔපවත්වන දහසක් සිතුවිලි කලා පෙළෙහි ඉදිරිපත් කිරීමකි. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ කැමරාව මෙහෙයවා තිබේ. ජයතිස්ස අලහකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් රස ගැන්වෙන මෙය ගායනයෙන් හැඩගන්වා ඇත්තේ දේවානන්ද වෛද්‍යසේකර, නන්දා මාලිනී සමඟ මල්ලිකා පෙරේරායි. ගී පද රචනයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ නිමල් වික්‍රමසේකර එක් වී ඇත. එස්. එම්. නිසාර්ගේ සංස්කරණයකි. දහසක් සිතුවිලිහි තිර පිටපත සහ නිෂ්පාදනය ජී. ඩී. එල්. විසින්මය. හොඳම නළුවා (හෙන්රි ජයසේන), හොඳම කැමරාකරණය (නිහාල්සිංහ), හොඳම තිර පිටපත (ජී. ඩී. එල්) සහ හොඳම සංස්කරණය (නිසාර්) සරසවිය සම්මාන උළෙලේදී දහසක් සිතුවිලි සිනමාපටය හිමි කරගත් අනෙකුත් සම්මානයන්ය. |