වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ඔබේ ප්‍රතිචාර 0757413731 යන දුරකථන අංකයට ක්ෂණිකව කෙටි පණිවුඩ මගින් එවිය හැකිය. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ ප්‍රතිචාර තැපැල්පත් වෙනුවෙනි.

සමන් ද සිල්වාට තුති

අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින් අතරින් පැමිණ තණනිල්ල දිගේ ගමන් කළ ජීවිතයේ නෑ සැප දුක මිස ලෝකේ කියමින් සන්තෝසවන්ත ප්‍රීතිවන්න එන්න යැයි මිත්‍රයින්ට ආරාධනා කොට, නියරේ පිය නැඟූ මැණිකෙට ළෙංගතු වූ බයිලා ගායනයෙන් රසික සිත් පින වු සමන් ද සිල්වා කලාකරුවාණෙනි, මගේ හද පතුලෙන් ඔබ වෙත තුති පිරිනමමි.

කෝසල වෙත්තසිංහ - මාකඳුර

ගැමුණු ඔබේ හඬ දෝංකාර දෙයි

හඬවල් දහසයකින් ඔබ ඇමතිය හැකි අයකුª වේ නම් ඒ එක් කෙනෙකි. වෙනින් කවුරුවත් නොව එම විරළ පුද්ගලයා නමින් ගැමුණු විජේසූරියයි.

ආවා ආවා, ආවා යනුවෙන් අලුතින් වෙළෙඳපොළට නිකුත් වූ කැසට් පටයක දැන්වීමකට එබන්දෙන් හඬ මුසු කළ ඔහුගේ කටහඬ උසස් රස වින්දනයට අප යොමු කළහ.

ගැමුණු මහතාණෙනි, ඔබ කොහේ සිටියත් සදහටම නික්මී ගියත් ඒ මසුරන් හඬ නිබඳව අප දෙසවනෙහි දෝංකාර දෙයි.

මනහර මහින්ද - බෙලිගල.

‘මඩ’ වෙබ් අඩවි හෙලා දකිමු

අප කලාකරුවන්ගේ චරිත ඝාතනය කරමින් මඩ පුවත් ජනතාව අතරට ගෙනි යන පුවත් වෙබ් අඩවි මම හෙලා දකිමි. ඒවාහි අන්තර්ගත අසත්‍ය තොරතුරු ඔස්සේ නොමග නොයන්නැයි අප හිතාදර රසික රසිකාවන්ට කාරුණිකව දැනුම් දෙමි.

හේෂානි ගම්ලත්- උඩුබද්දාව.

රංජිත්ගේ නිහතමානිකම

රංජිත් රූබසිංහ චරිතාංග නළුවකු ලෙස අප හඳුනා ගත් අයෙකි. ඔහු මේ දිනවල අමා ටෙලි සිතුවමේ කැපී පෙනෙන චරිතයක් රඟයි. එමෙන්ම ගාමනී චිත්‍රපටයේ අවසානයේ වීරයා බවට පත් වන්නේ ද රංජිත්ය. දිනක් බොරැල්ලේදී මට ඔහුව මුණ ගැසිණ. හිත මිත්‍ර ලීලාවෙන් ඔහු කතාබහ කළ අන්දම දුටු මොහොතේ ඔහු කොතරම් නිහතමානීදැයි මට වැටහිණ.

රංජිත් ඔබට සදා ජය.

නිර්මලා විජේසුන්දර - තලාහේන.

ගංගොඩතැන්නට දීර්ඝායුෂ!

අමුතු මුහුණක් ඇති ඩී. බී. ගංගොඩතැන්න කලාකරුවාගේ රැඟුම් දුටු විට සිතට ප්‍රිය උපදවයි. අහම්බෙන් රංගනයට පැමිණි ඔබට දීර්ඝායුෂ පතමි.

ගනේෂ් ත්‍රීමාවිතාරණ

මුල්ලේරියාව.

වෙලාවත් හිසරදයක් කළා

ටී. වී චැනල්වල ඔරලෝසුව හිසරදයකි.

දිවයිනේ සියලුම රූපවාහිනී නාලිකාවල ප්‍රේක්ෂකයන්ට බලහත්කාරයෙන් වෙලාව පෙන්වීමට යාම දැන් මහත් හිසරදයක් බවට පත් වී ඇත. සංගීතමය, ආගමික හෝ වෙනත් ඕනෑම වැඩසටහනක් විකාශය වන අතරතුරදී හිටිහැටියේ ඔරලෝසුවක් දමා වෙලාව පෙන්වීම ප්‍රේක්ෂක අයිතිය උදුරා ගැනීමකි. හැමෝගෙම නිවෙස්වල ඔරලෝසු හෝ ජංගම දුරකථන තිබියදී රූපවාහිනිය වටා රොක් වන්නේ වේලාව බලා ගැනීමට නොවන වග අදාළ බලධාරීන් තේරුම් ගනිත්වා.

හොරණ - කුලසිරි

චතුරිකා දක්ෂ රංගනයක

සේපාලිකා ටෙලි සිතුවමෙහි චතුරිකා පීරිස් ඉතා දක්ෂ රංගනයක යෙදෙනවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

සුනිල් අයියේ

ජීප්සීස් නායක සුනිල් පෙරේරා වෙතටයි,

සුනිල් අයියේ ජින්ජර් වයිට් සහ කොරීන් අල්මේදා සමඟ එක්ව ජිප්සීස් සංගීත කණ්ඩායම සංගීතවත් කරන ප්‍රසංගයක් නෙළුම් පොකුණේ පවත්වන්න.

පී. කේ. නිලන්ති - දෙහිවල.

කාන්ති රඟපෑ චිත්‍රපටයක් පුංචි තිරයෙන් පෙන්වන්න

ජනකාන්ත නිළි කාන්ති ගුණතුංග පංච කල්‍යාණි තරගයකින් ජය ලබා සංදේශය, වනමෝහිනී, සූරසේන වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑ අයුරු අදටත් අපේ මතකයේ රැඳී ඇත. ඒ වුණත් ඇගේ එම චිත්‍රපට කිසිදු රූපවාහිනී නාලිකාවකින් නොපෙන්වීම එක්තරා අතකින් දුකකි. සෑමදාම අප පුංචි තිරයේ දකින්නේ එකම චිත්‍රපට පෙළක් පමණි. කාන්ති රඟපෑ චිත්‍රපට ගොන්නෙන් එකක් හෝ විකාශය කරන්නේ නම් කෘතඥ වෙමි.

එම්. එල්. තිලකසිරි ද සිල්වා

මරදානවත්ත, මීටියාගොඩ.

පාලිත යළි නිවෙසට

රංගනවේදී පාලිත සිල්වාට,

ඔබ සාජන්ට් නල්ලතම්බි හි රැඟූ අයුරු අපිට මතකයි. එසේම සෑම ටෙලි නාට්‍යයකම විශේෂයෙන් රහස් පරීක්ෂක කතාවල ඔබේ ප්‍රබල රංගනයන් අප දුටුවෙමු. එවන් දක්ෂතා සපිරි ඔබ නැවත වේදිකාවට පැමිණීම නිවස හැර ගොස් සිටි පියකු යළි නිවසට ආවා වැනිය.

මීගමුව කටුවපිටිය වතුයායේ

ක්ලෝඩ් ද ලිවේරා සහ නාලනී ද ලිවේරා


කලා ලොවේ දිගු ගමනක් යාමට විශ්ව කොඩිකාරට සහ ශේෂද්‍රිට අපේ සුබපැතුම් එක් කරමු.

අමායා රණසිංහ - දියෝනි උමා,

නුගේගොඩ.

_

කඩවසම් බවින් සහ මනා පෞරුෂයකින් හෙබි රොෂාන් රණවනට නැවත ටෙලි නාට්‍යයක රඟපාන්නට එන්න යැයි ඇරැයුම් කරමි.

චන්දික නිශාන්

බණ්ඩාරවෙල.

_

සිහින පියාපත් හි මේනක සහ උදාරි රැඟූ කොටස් ඉතා අනර්ඝයි.

මැල්වල- ශාරණ්‍යා

_

නෙහාරාගේ රංගනය දවසින් දවස ඔපවත් වෙයි.

පාදුක්කේ - ගම්ලත්

_

අමෙරිකාවේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ සබීතා පෙරේරා මෙලකට අගනා මැණිකකි.

කවිඳු රාජගුරු

කුරුණෑගල

_

දශක තුනකටත් වඩා වැඩි කාලයක් සුභාවිත ගීතයේ රසයෙන් රසික මනස් පෝෂණය කළ නීලා වික්‍රමසිංහට මාගේ ප්‍රණාමය.

දුලංජන - කුරුණෑගල.

_

සුරාජ් මාපාගේ රංගන හැකියාව අනගියි.

පියුමි ශෂිකලා

රන්පොකුණුගම.

_

ආදරණීය වස්සානය සිනමාපටය අප කොයි කාටත් හොඳින් මතකයි. එහි කසුන්ගේ චරිතය රඟපෑ රොෂාන් රවීන්ද්‍ර අද දක්ෂතාවයෙන් අනූන චරිතාංග නළුවෙක් වෙලා.

හර්ෂනාථ බණ්ඩාර - නිකවැරටිය.