වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

අගෝස්තු 10 වැනිදා

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කළුතර නගර ශාලාවේ

11 වැනිදා

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ මීරිගම යොවුන් නිකේතනයේ

* යශෝධරා සරච්චන්ද්‍රගේ සහ කුසුම්සිරි ලියනආරච්චිගේ ‘දඟයා සහ පුංචි අන්දරේ’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ වෙන්නප්පුව සකරියස් ශාලාවේ

12 වැනිදා

ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ හොරණ ශ්‍රීපාලි රඟහලේ

* එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘සිංහබාහු’ ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවේ

* සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ සඳලංකාව සඳලංකා සිනමා ශාලාවේ

* ගුණදාස මධුරසිංහගේ ‘රාජ සභාව’ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ


උන්මාද චිත්‍රා 12 ලුම්බිණියේ

රෝහණ පී. ප්‍රනාන්දුගේ ‘උන්මාද චිත්‍රා’ නම් නවතම සංගීත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මෙම මස 12 වැනිදා හැව්ලොක්ටවුන්හි ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

මෙම වේදිකා නාට්‍යයෙහි ඉසුරු උදයංග, හංසිනී අනුරුද්ධිකා, කීර්ති ;කාඩිතුවක්කු, ඩීමන් හෙට්ටිආරච්චි, මිල්ටන් පෙරේරා, ලක්මිණි රුවන්තිකා, ජානක ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායකවේ.

අසංක රනිල් කුලතුංග හා කේමා වීරසිංහ සංගීතය මෙහෙයවන මෙම වේදිකා නාට්‍යයෙහි නර්තන පුහුණුව නිශාන්ති රණසිංහයි. රනිල් කුලතුංග සහාය අධ්‍යක්ෂණයෙන් සහාය වන ‘උන්මාද චිත්‍රා’ ඉසුරු උදයංගගේ නිෂ්පාදනයකි.

සියනෑ මියැසි රාත්‍රිය 11 දොම්පේ

දොම්පේ සියනෑ විද්‍යාලයීය ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සියනෑ මියැසි රාත්‍රිය’ මහා සංගීත සංදර්ශනය මේ මස 11 (සෙනසුරාදා) රාත්‍රී 7.30 ට දොම්පේ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.