වර්ෂ 2012 ක්වූ අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

දිලිප් කුමාර් රඟපෑ ඉන්සානියාත් හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ චිත්‍රපටයේ නම කුමක්ද?

විමල් රණසිංහ – ග්‍රැන්පාස්

මනුෂ්‍යත්වය.

පියදාස ගුණසේකර, ලයනල් දැරණියගල, ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග අතරින් වඩාත් කැමැති දුෂ්ට නළුවා කවුද?

සරත් රණසිංහ – මාළිඳ.

ඩොමී ජයවර්ධන.

වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ නව කතාව, සිනමාස්ගේ ‘දුප්පතාගේ දුක’, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලගේ ‘මනුතාපය’, හා ජාතික රූපවාහිනියෙන් පසුගිය දා විකාශය වූ ‘දූලි පින්තාරු’, යන මේවා එකිනෙකට සමානයි නේද?

ඩඩ්ලි ගෝමස් - මොරටුව.

ඔව්, මේ සියල්ලටම පාදක වුණේ වික්ටර් හියුගෝ ගේ නව කතාවයි.

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගායනා කළ ‘අම්මා කියා කියත හැකි එකම ළඳකටයි’ යන ගීතයෙ පද රචනය කාගේද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව.

කරුණාරත්න අබේසේකර.

දිලිප් කුමාර් තවම ජීවතුන් අතරද?

සධානා බෙගම් – නුවරඑළිය.

දිලිප් කුමාර් තාම ජීවතුන් අතර සිටිනවා.
 

සී/ස සිනමාස් සමාගමේ නිපද වූ චිත්‍රපටත්, එහි අධිපති කේ ගුණරත්නම් මහතාත්, ඔහුගේ විජය චිත්‍රාගාරයත්, මරදාන ගාමිණී සිනමාහලත්, අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත්, අප අතරින් නැතිවීම මා විටින් විට කනස්සල්ලට පත් වෙනවා. මෙයට කුමක් කළ යුතුද?

සරත් - කපුගොඩ

මේ ලෝකයේ කිසි දෙයක් සදා කාලික නැහැනේ කියලා තේරෙන්නෙ නැද්ද සරත්.

නොමියෙන මිනිසුන් චිත්‍රපටය කාගේ අධ්‍යක්ෂණයක්ද? වර්තමාන ජනාධිපතිතුමා එහි රඟපෑවා නේද?

මාලිනී පිඹුරගේ - හෝකන්දර.

මෙහි අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකායි. අතිගරු ජනාධිපතිතුමා එහි බ්‍රිගේඩියර් වරයකුගේ භූමිකාවකට පණ පෙව්වා.

ප්‍රවීණ නිළි සෝබනී අමරසිංහ සුමනා අමරසිංහ ගේ සොයුරියක්ද?

අනුලා වීරකෝන් – ගිනිගත්හේන.

නැහැ.

වඩාත් විකට නළුවකු වශයෙන් ජනප්‍රිය වූ හියුගෝ ප්‍රනාන්දු සංගීතය සැපයූ චිත්‍රපට මොනවාද?

තිලකරත්න විල්වල – කෑගල්ල.

පිටිසර කෙල්ල, සරදියෙල්.

වීර පුරන් අප්පු චිත්‍රපටයේ වී.සී.ඩී. නිකුත් වී තිබේද?

විජය ඉලංගකෝන් – ගම්පොළ.

එය ටොරානා විඩියෝ මූවීස් ලේබලය යටතේ නිකුත් වුණා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සුමනා අමරසිංහ පෙම් චරිත රඟ පෑ චිත්‍රපට තිබේද?

සුදත් නිශාන්ත – මීගමුව

නැහැනේ සුගත්.

පසුගිය සතියක දී චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සම්බන්ධයෙන් දී තිබූ පිළිතුරට ‘සත්කම්පා’ චිත්‍රපටයත් ඇතුළත් විය යුතුයි නේද?

රුවින්ද කොල්ලුරේ – මීගොඩ.

ඔව්නෙ, රුවින්ද.

අශෝක හඳගම ගේ ලිපිනය පළ කරන්න.

ආනන්ද ප්‍රනාන්දු –

නිට්ටඹුව.

අශෝක හඳගම
නො: 399/5,
සමගි මාවත,හෝකන්දර දකුණ,හෝකන්දර.

ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ ගේ ‘අහස පොළොව වට පිටාව‘ ගීතය රචනා කළේ කවුද? එය චිත්‍රපට ගීතයක්ද?

එන්. සිරිපාල – උඩුගම්පොළ.

එය චිත්‍රපට ගීතයක් නොවේ. ගීතය ප්‍රබන්ධ කළේ යමුනා මාලිනී පෙරේරා. සංගීතය රෝහණ වීරසිංහ.