|
|
රන්මුතු දූවට අවුරුදු 50
1962 අගෝස්තු 10 1979 වනතුරුවැඩිම ආදායම් ලද චිත්‍රපටය දිය යට දර්ශන රැගත් ප්‍රථම සිංහල චිත්‍රපටය
මුල්ම සිංහල වර්ණ චිත්‍රපටය
මුළුමනින්ම වර්ණයෙන් නිෂ්පාදිත මුල්ම සිංහල චිත්‍රපටය වූ රන්මුතු දූව මුල් වරට තිරගත වීම ඇරැඹී හරියටම අඩ සියවසක් පිරෙන්නේ මේ සතියේය. 1962 අගෝස්තු 10 වැනිදා සිනමා රසිකයන් හමුවට ආ රන්මුතු දූව ඉතා කෙටි කලෙකින් අතිශයින් ජනප්‍රිය වූ අතර වාර්තාගත ප්‍රදර්ශන දින ගණනක් හා අලෙවි ආදායමක්ද ලැබුවේය.
බ්‍රිතාන්‍ය ජාතික මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන හා
තාක්ෂණික ශිල්පීන් අතරින් තවමත් අප සමඟ සිටින්නේ කිහිප දෙනෙකු පමණකි. චිත්‍රපටයේ
වීරයාගේ චරිතය
කිමිදුම් සගයන් ලෙස ක්‍රියා කළ ඔවුන් ලංකා දූපත වටා සාගරයේ පුරෝගාමී දිය යට ගවේශණ රැසක් සිදු කළේ ආතර් සී. ක්ලාක් සහ රොඩ්නි ජෝන්ක්ලාස් දෙදෙනාගේ ද සහභාගිත්වයෙනි. 1961 දී මයික් විල්සන් රන්මුතු දූව නිපදවන්නට පෙළඹුණෙත් කිමිදුම් කටයුතු සඳහා තමන්ගේම බෝට්ටුවක් මිළට ගන්නට මුදල් ටිකක් සොයා ගන්නටයි. රන්මුතු දූව චිත්‍රපටයේ දිය යට රඟපෑම් සඳහා ගාමිණී ෆොන්සේකාව කිමිදෙන්නට පුහුණු කළේ හෙක්ටර් ඒකනායකය. චිත්‍රපටය තිරගතවීමත් සමඟ රට පුරා ජනප්‍රිය මුහුණක් බවට ඔහු පත් වුණත් ඔහු අනතුරුව රඟපෑවේ ගැටවරයෝ චිත්‍රපටයේ පමණි. එහි ඩග්ලස් ලෙස ඔහු කළ රඟපෑම කිසි කලක අමතක වන්නක් නොවේ. ගැටවරයෝ චිත්‍රපටයේ ගාමිණී සමඟ සටනක යෙදෙන්නේ ද ඔහුය.
වෙනත් චිත්‍රපටවල රඟපෑමට ලැබුණු විවිධ ඇරැයුම් ඔහු බාර නොගත්තේය. ඒ වෙනුවට අන්ඩර්
වෝටර් සෆාරිස් නමින් ආතර් සීත ක්ලාක් ඇරැඹූ මෙරට ප්‍රථම හා
මුලින්ම කියන්න ඔබ ගැන යමක්, බොක්සිං ක්‍රීඩකයකු, කිමිදුම්කරුවකු සහ විටෙක නළුවෙකු හැටියට ගත වුණ ඔබේ මුල්කාලීන ජීවිතය ගැන යමක් කිව හැකිද? මට මයික් විල්සන් හම්බ වුණේ මුහුදු වෙරළකදී. මට කිමිදෙන්න ලොකු ආසාවක් තිබුණා. කිමිදුම්කරුවෙකු වීම තමයි මගේ අභිලාෂය වුණේ. ඉතින් ඔහු සමඟ කතා කරන්න මට සිතක් පහළ වුණා. මා ඔහු ළඟට ගිහින් කතා කළා. ඔහු හොඳ මනුස්සයෙක්. ඔහුගේ බෝට්ටුවට ආම්පන්න දාගන්න මං උදව් කළා. එතකොට තමයි ඔහු මගෙන් ඇහුවේ කැමැති ද ඔහුත් සමඟ වැඩ කරන්න කියා. මට ඒ පිළිබඳව ලොකුª සතුටක් දැනුණා. ඉතිං මං දවසක් ගියා ඔහුව හමුවන්න. ඔහු මට එහිදී ඔහුගේ මිත්‍රයෙකු වූ තවත් කිමිදුම්කරුවෙකු වූ රොඩ්නි ජෝන්කලස්ව හඳුන්වලා දුන්නා. තවත් එතැන්දි ආතර් සී. ක්ලාක්වත් මුණ ගැසුණා. අපි ඉතින් ඔහොම කතා කරගෙන යද්දී ඔවුන් මගෙන් ඇහුවා ඔවුන්ගේ මේ ගවේශණයට සහභාගි වෙන්නට පුළුවන් ද කියලා. මං කිව්වා ඔව් මං කැමැතියි කියලා.
මේ කොයි වගේ කාලෙකද? 1957 විතර. ඊට පස්සේ මං ගිහින් ඔවුන්ට සහය වුණා. මයික් මං වැඩ කරනවා දැකලා පැහැදිලා කිව්වා, ඔයා දිගටම එන්න වැඩ කරන්න කියලා. ආතර් වගේම රොඩ්නිත් මං ගැන පැහැදුණා. 1961 ට ආපසු ගියොත් ඔබ, රොඩ්නි සහ ආතර් සී. ක්ලාක් කිමිදෙන්න ගත්තා ඉන්දියන් සාගරයේ මහ රාවණා කොටුව කුඩා රාවණා කොටුව අතර. එහිදී 1961 මාර්තු ඔබට බිඳී ගිය නැවක් හමුවුණා. ඔබත් එහිදී කිමිදුනාද? ඔව්. අපි හොයා ගත්ත යම් දේවල් ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට දුන්නා. හරි එතකොට කවද්ද මේ චිත්‍රපටයක් ගැන අදහසක් මුලින්ම ආවේ? පසු කාලේක එම අදහස රන්මුතු දූව නම් වර්ණ චිත්‍රපටය බවට පත් වුණා? ඔව්. මයික්ට අදහසක් ආවා චිත්‍රපටයක් කරන්න. නමුත් මයික් නිතරම ඒ පැත්තෙන් මේ පැත්තට පනින කෙනෙක්. ඔහු අදහසෙන් අදහසට එහෙම මාරු වෙනවා. එම නිසා මුලදී ආතර් වුණත් මේ ව්‍යාපෘතියට මුදල් වියදම් කළේ සැකයෙන්. ඔහු මගෙන් ඇහුවා මේ චිත්‍රපටය කෙරේවිද කියා? මොකද මයික් විල්සන්ගේ පැත්තෙන් පැත්තට පනින න්‍යාය නිසා. මම කිව්වා මයික් දක්ෂ නිසා සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ ශේෂා පලිහක්කාර නිෂ්පාදකයෙකු හැටියට ආවා. ඔහු පළපුරුදු සිනමාකරුවෙක්. ඔහුට චිත්‍රපට ගැන දැනීමක් තිබුණා. ඔහු නළුවෙකු හැටියටත් කටයුතු කර තිබුණා. කොහොම හරි අපේ සිනමා ව්‍යපෘතිය හොඳට ගියා. රූගත කිරීම් සිදු වුණේ ත්‍රිකුණාමලය පැත්තේ. කොහොමද ඔබ රඟපැමට එක්වුණේ රන්මුතු දූවේ? මං නළුවෙක් නෙවෙයි. නමුත් මං වැඩ කළේ අපේ කොම්පැනියේ. අපේ කොම්පැනිය තමයි චිත්‍රපටය කළේ. එක චරිතයක් තිබුණා, ඒකට කවුරුවත් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඒකට කිමිදීමේ හැකියාවත් වැදගත් වුණා. මට ඒ චරිතය කරන්නට කියලා බාර දුන්නා. මං ඔහේ කළා. කොච්චර දුරට හොඳද කියන්න නම් මං දන්නේ නැහැ. මට එක් සටන් ජවනිකාවක් තිබුණා ගාමිණී ෆොන්සේකා එක්ක. ඔව්, මේ ප්‍රකට සටන් ජවනිකාව මුහුද යට රූගත කළ එකක්. ඒ ගැන යමක් කියනවා නම්? ඔව්. එම ජවනිකාවේ එක් කොටසක් තමයි මං මුහුගද යට මැරෙන එක. එම ජවනිකාවේ මාව ගිලෙනවා. ඉතින් මං මගේ යාළුවන්ට කලින් කියලා තිබුණා මට අමාරු වුණොත් උදව් කරන්නට කියලා. මං ඉතින් බොරුවට ගිලෙනවා වගේ රඟපාන්න පටන් ගත්තා. මං කොච්චර හොඳට ඒක කළාද කිව්වොත් මගේ යාළුවො හිතුවේ මං ඇත්තටම ගිලෙනවා කියලයි. ඔවුන් මාව බේර ගන්න පැන්නා මං මැරනවා කියලා හිතාගෙන. ඉතින් ඒකෙන් වුණේ දළ සේයාපට නාස්ති වුණ එක විතරයි. ඊළඟට එම දර්ශනයම නැවත ගන්න කොට මට ඇත්තටම අමාරු වුණා.
නමුත් මං රඟපානවා කියලා හිතලා කවුරුවත් මගේ සහායට ආවේ නැහැ. ඉතින් මං හරි අමාරුවක වැටුණේ. මගේ උත්සාහයෙන්ම තමයි අවසානයේ පණ බේරාගෙන ජවනිකාව රූගත කර අවසන් කළේ. ගාමිණී ෆොන්සේකා, ජීවරාණි වැනි අනෙක් නළු නිළියන් ගැන ඔබේ මතකය කොහොමද? ඒගොල්ලො ඉතාමත් යහපත් අය. ගාමිණී ෆොන්සේකා විශේෂයෙන්ම. ඔහුට ඕන වුණා හැම ජවනිකාවක්ම ඔහුම කරන්නට සහායකයන්ගෙන් තොරව. ඉතින් මං ඔහුව පුහුණු කළා හොඳ කිමිදුම්කරුවකු වෙන්න. ඔහු හොදට කිමිදුණා.
වෙන නළු නිළියන්ගේ නම් මොනවාද ඔබට මතක? ඔස්ටින් අබේවික්‍රම, ජෝ අබේවික්‍රම, වින්සන්ට් වාස්. ජෝ නියමයි. ජෝ නොහිටින්න චිත්‍රපටය ගොඩාක් කම්මැලි වෙන්න තිබුණා. ඇන්තනි සී පෙරේරා නම් තවත් නළුවෙක් ගැන මට මතකයි. එච්චර තමයි මට මතක් කරගන්න පුළුවන්. ඔවුන් හැමෝම යහපත් අය. ඒ වකවානුවේදී ගාමිණී ෆොන්සේකා සුපිරි තරුවක් නොවෙයි? ඔව්, මේ චිත්‍රපටයෙන් පස්සේ හැමෝම සුපිරි තරු වුණා. ඔබත් ඇතුළුව? මොකක්ද ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය වුණේ? මගෙන් අහපු අය හිටියා තව චිත්‍රපට කරන්න කැමැති නැද්ද කියලා. නමුත් මගේ ශෛලිය හැම චිත්‍රපටයකටම ගැළපුණේ නැහැ. ප්‍රසිද්ධිය කියන එක මට ලැබුණා. ප්‍රසිද්ධිය හැම තිස්සෙම හොඳ නැහැ. මොකද ඔබව කොහේ ගියත් හඳුන ගන්න හින්දා රහසිගතව මුකුත් කරන්නට බැරි වුණා. ප්‍රසිද්ධියේ හොඳ පැත්තකුත් තිබෙනවා. උදාහරණයකට කාර් එකක පැච් එකක් ගියත් උදව් කරන්නට කට්ටිය ඕනෑ තරම් එනවා.
ඔව්. මේ රන්මුතු දූව චිත්‍රපටයට කොතරම් කාලයක් ගත වුණාද රූගත කිරීම්වලට විතරක්? අවුරුදු එකහමාරක් විතර. මේ කියන්නේ විවේකීව ගත කරපු කාලයත් ඇතුළුව නේද? ඔව්. මොන කැමරාවෙන්ද මුහුද යට දර්ශන රූගත කළේ?
රන්මතු දූව චිත්‍රපටය මුලින්ම තිරගත වූ විට එය බොක්ස් ඔෆීස් හි කොතරම් දුරට සාර්ථක වුණාද? ගොඩාක් සාර්ථක වුණා. මට මතක හැටියට එකම සිනමා ශාලාවක දින 100 ක් දුවන්න පුළුවන් වෙච්ච පළවෙනි චිත්‍රපටය. මොකක්ද ඒ සිනමා ශාලාව? ගාමිණී හෝල්. දැන් වුණත් ඔය චිත්‍රපටය තිරගත කෙරුවොත් තවමත් සෙනඟ එයි බලන්න. ඒ කාලෙත් එහෙමයි වැල නොකැඩී සෙනඟ ආවා බලන්න. මොකක්ද ඒකට හේතුව? එය වර්ණ චිත්‍රපටයක් වීමද?
ඔව්. එයක් එක හේතුවක්. ඊට අමතරව මුහුද යට මනරම් දර්ශන, මේ සියල්ලක්ම චිත්‍රපටයේ
සාර්ථකත්වයට මූලික වුණා. ඊට අමතරව ප්‍රේක්ෂකයින් මෙහි සටන් ජවනිකාවලට ගොඩාක් ප්‍රිය
කළා. විශේෂයෙන්ම මා සහ ගාමිණී ෆොන්සේකා අතර සටන්. මට පුළුවන් පහර එල්ල කරන්න. මොකද
මං බොක්සිං ක්‍රීඩකයකු වූ නිසා. ඉතින් ගාමිණීට සෑහෙන්න ගුටි කන්න සිද්ධ වුණා. චිත්‍රපටය ගොඩාක් මුදල් උපයන්න ඇති නේද? ඔව්. ගොඩාක් මුදල් ඉපයුවා. ආදායම් වාර්තා තැබුවා. නමුත් කිසිම පිටපතක් ලංකාවේ අද ඉතිරි වෙලා නැහැ?
ඔව්. එක පිටපතක් පමණක් එංගලන්තයේ ටෙක්නිකලර් රසායනාගාරයේ තිබෙනවා. ආතර් සී. ක්ලාක්
ඔහු මිය යන්න කලින් මෙහි පිටපතක් නැවතත් ලබා ගන්නට උත්සාහ කළා. එයට පවුම් 18000 මේ චිත්‍රපටයේ හිමිකාරිත්වය, අයිතිය කාටද තියෙන්නේ? මං දන්නේ නැහැ. ඒත් ආතර් තමයි මේ චිත්‍රපටයට මුදල් යෙදුවේ අවසානය වෙනකංම. මේක අයිති ආතර්ට. එත් ඔහු නිතරම කිව්වේ ඔහු වියදම් කරන්නම් කාට හරි අපේ කණ්ඩායමේ කෙනෙක්ට ඉදිරිපත් වෙලා මෙහි පිටපතක් නැවත ලබා ගන්න කියලයි. ආතර්ට ගොඩාක් ඕනෑකම තිබුණා පිටපතක් ලබා ගන්න. නමුත් ඔහුට එය නොහැකි වුණා. චිත්‍රපටය නිපදවන්න කොතරම් මුදලක් ගියාද? මං දන්නේ නැහැ. මොකද මං ගිණුම් අංශයේ නෙවෙයි වැඩ කළේ. ඒත් මං හිතන අන්දමට ලංකාවේ මුදලින් ලක්ෂ 1 ක් හෝ 2 ක් යන්න ඇති. ඒ කාලයේ හැටියට සැලකිය යුතු මුදලක්? ඔව්.
|
|