වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහ සාගරයකි යම රජ සිරි

සිනහ සාගරයකි යම රජ සිරි

 

 

 

බන්දුත්, ටෙනීත් එකතු වූ තැන සිනා සාගරයකි. ඒ සිනා සාගරයේ කිමිදීමට අපි පසුගිය 29 වැනි දින ඔවුන් රඟන නවතම සිනමාපටයේ මංගල දර්ශනයට ගියෙමු.

සජීව සංකල්ප නම් නවතම අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන 'යම රජ සිරි' සිනමාපටය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තිරගත කෙරිණි.

වසර 10 කට පසු බන්දුත්, ටෙනිත් රංගනයෙන් දායක වන පළමු සිනමාපටය ද වන්නේ 'යම රජ සිරි'ය. අයිබා ෆිල්ම්ස් වෙනුවෙන් නීල් සංජීව, සජීව සංකල්ප, සංගීත් අල්ගම, ලංකා ධර්මවික්‍රමගේත් සම නිෂ්පාදනයකි.

බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, නදීෂා හේමමාලි, කුමාර තිරිමාඳුර, සුරාජ් මාපා, රොනී ලීච්, ගයත්‍රි ඩයස්, ශිරෝමිකා ප්‍රනාන්දු, විනු සිරිවර්ධන, දෙනුවන් සේනාධීර, බර්ටි නිහාල් සුසිරිපාල, ඩී. බී. ගංගොඩතැන්න, නිල්මිණි කෝට්ටේගොඩ, තිලක් ජයවීර, උපුල් වීරසිංහ රංගනයෙන් දායක වේ.

අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය, ආලෝකකරණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංයෝජනය සියල්ල සජීව සංකල්පගෙනි. මේ පසුගිය දින තරු පිරිවරා සංකල්පගේ කුලුඳුල් නිර්මාණය වන 'යම රජ සිරි' මංගල දර්ශනයේ ඔබ නුුදුටු පැත්තයි.