වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංකගේ රෑප කතන්දර

ලෙස්ටර් ඔහුයි

දේශීය සිනමාවේ පුරෝගාමී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ 99 වැනි ජන්ම දිනය අදට යෙදී ඇත. අද දින තම ආදරණීය ස්වාමියාට ළබැඳි සෙනෙහසින් මේ ආ යුග දිවි ගමනේ ජන්ම දිනයට ඇයගේ ආදරය, සෙනෙහස ලබා දෙන අයුරු මගේ නෙත රඳවා ගත් මොහොතකි. දයාබර සිනමා පීතෘවරයාණෙනි, ඔබට සරසවිය කර්තෘ මණ්ඩලයේ හද පිරි සුභාශිංසනයයි මේ. ආවඩා ආයුබෝ වේවා!


උරුමයට බුහුමන්

ටවර්හෝල් යුගයේ නාඩගම්, නූර්ති සහ ටීටර්වරියක් යන නමින් විරුදාවලිය ලත් විමලකාන්තා මාතාගේ 25 වැනි සැමරුම වෙනුවෙන් ටවර්හෝල් රඟහලේදී අපූරු ප්‍රසංගයක් පැවැත්විණි. ඒ ප්‍රසංගයේදී මේ විමලකාන්තා මාතාවගේ පසුපසින් ගිය කුඩා දියණිය ඇයගේ ගමන් මඟේ යන අයුරුයි මේ. නුර්ති ගී ප්‍රසංගය අවසානයේ නෙත රැඳුණේ. මේ ඒ අතරින් රංජනී පෙරේරාට ප්‍රදීපා ධර්මදාස පුෂ්ප උපහාර පිරිනැමූ අයුරුයි.


මධුර චාරිකාවක මඟ

ඒත් මට සිනමාවේ අතීතයේ දේවල් සහ වර්තමානය හා අනාගතය ගමන් කරන දිශාව තවම වටහා ගන්නට නොහැකිය. ඔබ මට එහි සැබෑ ස්වභාවය හා චිත්‍රපට සංස්ථාවේ නියම ස්වභාවය පෙන්වා දුන්ණාය. ඔබට පිං. . . උදයකාන්ත 'මධුර චාරිකා' මේ විදියට හරි නිර්මාණය කර මම නොදකින පැත්තක් පෙන්නුවාට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, උදයකාන්ත වර්ණසූරියට කියන අයුරු කැමරා කාචයේ සටහන් කරගත් මොහොත ඔහු නොදැක්කේය.


උණුසුම් සුබ පැතුම්

මේ පසුගියදා රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සිංහල නිවේදිකාව වූ සුනේත්‍රා කුමාරිට ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් හද පිරි සෙනෙහසින් මුලු ලොවටම ඇයට ලැබුණු සම්මානයේ උණුසුම යන්නටත් මත්තෙන් සුභාශිංසනය කළ අයුරු.


පිදුමක තරම

සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල කලාකරුවන්ගේ දුක සැප අදුනන නිලධාරිනියක් ලෙස ප්‍රසිද්ධයි. මේ ඇය පසුගියදා නිර්මලා රණතුංගගේ 'ගී තෙර' ප්‍රසංගයේදී නිර්මලාට සමරු ඵලකයක් වැඳ නමස්කාර කර පිරිනමන මොහොත කාගේත් කතාබහට ලක් වූ අයුරු.


යමරජ සිරියක සිරි

සජීව සංකල්පගේ 'යම රජ සිරි' මංගල සිනමාපටයේ ප්‍රදර්ශනය පසුගියදා සිදු විය. එහිදී හුරුපුුරුදු නොවූ සුද්දාගේ කෝට් කලිසම ඇඳ ගත් සංකල්පට වුණේ මහ අකරතැබ්බයකි. මේ දයාබර සොයුරා අද නම් කියන්නේ ටයි කෝට්, බෝ පලඳිනවාට වඩා ගලවා තියා ආරිය සිංහල ඇඳුම ඇන්දා නම් ඔබේ මංගල සිනමා ගමනට වඩාත් සුබදායක බවයි.