වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්ඩිස් Vs මෙන්ඩිස්

මෙන්ඩිස් Vs මෙන්ඩිස්

අප රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා මෙන්ඩිස්ලා කිහිප දෙනෙක්. ඒ අතරින් මං කියන්න හදන මෙන්ඩිස්ලා ගජ යාළුවෝ. ඒ වගේම එකම කාලය නියෝජනය කරන උදවිය. කොතරම් මිතුරු වුණත් මේ දෙදෙනා මේ දිනවල පොඩි ඇටෑක් එකක ඉන්නේ. දෙන්නට දෙන්නා වලි. මේ මෙන්ඩිස්ලා කවුද කියලා කිව්වොත් එක් කෙනෙක් ක්ලීටස් මෙන්ඩිස්. අනෙක් කෙනා ශ්‍රියන්ත මෙන්ඩිස්. මේ දෙදෙනාගේ විරසකය ඇති වෙලා තියෙන්නේ ජී. නන්දසේනගේ රිදී මලක් ටෙලි සිතුවම නිසා. කිරිඳිවල අවට රූ ගත කිරීම් සිදුවන මෙය හරහා තමයි ඉතා දිගු කලකට පසුවයි මේ මෙන්ඩිස්ලා දෙන්නා එකට රඟපාන්නේ.