වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටි නිවාසයක මෙලීෂා සහ සිසිරගේ කතාව

කම්මැළිකමට වඩාරඟපාන්න මට වේලාවක් නැහැ

සත්‍යාප්‍රියා

සිංහල භාෂාව මං ඉගෙන ගත්තේ ටී. වී. ඒකේ ගිය සබ්ටයිටල් කියවලා

සිංහල චිත්‍රපටයකටත් කතා කළා

දිගු කලකට පසු මෙරට නිර්මාණය වූ දමිළ සිනමා සිතුවමක් ඉකුත් දිනවලදී තිරගත විය. ඒ කිංග් රත්නම්ගේ කෝමාලි කිංග්ස් වේ. එම සිනමාපටය හරහා තිරයට ආගන්තුක මුහුණු රැසක් කළඑලියට ආහ. සත්‍යාප්‍රියා ද එවන් වූ කෙනෙකි. ඇය කෝමාලි කිංග්ස් අධ්‍යක්ෂ වූ කිං රත්නම් සිනමාපටයේ රැඟූ චරිතයේ බිරිය විය. මාධ්‍ය ආයතනයක සේවය කරන ඇය ඉන් ලැබෙන ඉඩ හසර මත රංගනයේ යෙදෙන්නීය.

සත්‍යාප්‍රියා ඔබේ වෘත්තීය මොකක් ද කියලයි මං පළමුව අහන්නේ?

මම වැඩ කරන්නේ ෂන්ෂයින් මීඩියා ආයතනයේ. සුඩරොලි නමැති ටැමිල් පත්තරේ අපේ. මං එහි සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරනවා.

එතකොට ඔබ කලාවට එන්නේ කොහොමද?

දෙදහස් දෙක වසරේ මං ශක්ති ටී.වී. ආයතනයට එනවා. එහි නිවේදිකාවක ලෙසයි මං වැඩ කළේ. ඔය අතරේ වෙළෙඳ දැන්වීම්වලට රඟපාන්න චාන්සස් ලැබුණා. එතකොටයි මං දැනගත්තේ මට රඟපාන්න හැකියාව තියෙනවා කියලා.

ඊට පසුව ඔබට බොහෝ නිර්මාණවලට කතා කළා කියලා ආරංචියි?

ඔව්. මං ඒවට ගියේ නැහැ. විශේෂයෙන් ටෙලිවලට.

ඇයි ඔබ එහෙනම් කෝමාලි කිංග්ස් සිනමාපටයට කැමැති වන්නේ?

මම ඒකට අවස්ථාව හොයලා දුන්නේ නිරංජනී ශන්මුගරාජා. ඇයත් එහි රඟපානවනෙ. මාවත් එයට ගැනීමේ වුවමනාවක් ඇයට තිබුණා. මාව අධ්‍යක්ෂවරයා තෝරා ගත්තට මුලදී මං බැහැ කිව්වා. ඒත් ඒ චරිතයට තෝර ගත්තු අය අන්තිම මොහොතේ බැහැ කියලා තිබුණා. අන්තිමේ කැරකිලා කැරකිලා මටම එම චරිතය ලැබුණා.

රඟපාන්න හැකියාව තිබුණට ඔබ ඊට හරි කම්මැළියෙක් වගේ?

කම්මැළිකමට වඩා වෙලාව නැතිකම තමයි තියෙන්නේ. මොකද රංගනයේදී කැපවීම ඉතාම වැදගත්. ඒ වගේම රඟපාන්න චරිතයක් ලැබුණාම අනෙක් සියලු දේ මනසින් අයින් කළ යුතු වෙනවා. එහෙම තමයි මම රඟපාන්න කැමැති.

කෝමලි කිංග්ස් රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං අහන්නේ?

එහි රඟපෑමම අමතක නොවන අත්දැකීමක්. රණ්ඩු සරුවල් පවා කරමින් තමයි මං රඟපෑවේ. කියන්න තරම් විශේෂ අමතක නොවන සිදුවීමක් නම් නැහැනෙ.

ඔබට ආයෙත් රංගනයට ඇරැයුම් ලැබුණේ නැතිද?

සිංහල චිත්‍රපටයකටත් කතා කළා. ඉදිරියේදී ටිකක් ෆ්‍රී වෙන්න හිතාගෙන ඉන්නවා. එතකොට තවත් රංගන කටයුතුවල නියැළෙන්න පහසුවේවි.

සිංහල උච්චාරණය කොහොමද ඔබ හදා ගත්තේ?

සිංහල භාෂාව මං ඉගෙන ගත්තේ ටී. වී. ඒකේ ගිය සබ්ටයිටල් කියවලා. ඉස්සර මං හින්දි ෆිල්ම් හරියට බලනවා. ඒවාහි දෙබස් සිංහලෙන් දානකොට මං ඒවා කියවනවා. කියවලා කියවලා සිංහල හදා ගත්තා.

දැන් නිවේදන කටයුතු කරන්නේ නැතිද?

නිවේදනයට ආසයි. අන්තිමයට මං අයි. ටී. එන් එකේ යූත් විත් ටැලන්ට් වැඩ සටහන මෙහෙය වූවා.

ඔබේ පදිංචිය සඳහන් කළොත්?

මං කොළඹ 15.

ඉගෙන ගත්තු පාසල?

කොටහේන ගුඩ්ෂෙපර්ඩ් කොන්වන්ට් එක.

මොනවද ඔබේ පවුලේ විස්තර?

මං විවාහ වුණා. නමුත් දැන් ඩිවෝස්. මට අවුරුදු හතක පුතෙක් ඉන්නවා.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

හරිම සරල කෙනෙක්.