වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්ත ‘පොරවල්’ එහෙමයි

ඇත්ත ‘පොරවල්’ එහෙමයි

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කවුද කියලා අමුතුවෙන් සඳහන් කරන්න ඕන නැහැනෙ. අප රටේ බිහි වූ අතිශය විශිෂ්ට නළුවෙක් තමයි ඔහු. ඒ හැකියාව බොලිවුඩයට කැන්දන්න අනිල් කපූර් මහේන්ද්‍රට ඇරැයුම් කළත් අවාසනාවට ඒක එහෙම්මම යටපත් වුණා. මේ කියන්න හදන්නේ ඒ විශිෂ්ටයා ගැන කතා දෙකක්. ඉන් එකක් රසවත්. අනෙක ආදර්ශවත්. ආදර්ශවත් කතාව පළමුව කියන්නම්කො. ඉකුත් රයිගම් සම්මාන උලෙළේ හොඳම නළුවා වුණේ මේ මහේන්ද්‍ර. ජවසම්පන්නව ඔහු වේදිකාවට නැංගා සම්මානය ගන්න. සම්මානය පිරිනමන තැන හිටියා ප්‍රවීණයින් තිදෙනකු. ඒ අයිරාංගනී සේරසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ විශාරද නන්දා මාලිනී. මහේන්ද්‍ර ඔවුන් ලඟට ආ විගස දණ නමලා හිස ඔවුන්ගේ දෙපා මුල තබලා තිදෙනාටම වැන්දා. මහේන්ද්‍ර වගේ මහා නළුවෙක් ඒ වගේ දෙයක් කරපු එක ගැන හැමෝම කතා කළේ ප්‍රශංසා සහිතව. අද පරපුරේ ඇතැම් දෙනා පෙර පරපුරේ අයව ගණන් ගන්නේවත් නැහැනෙ. සමහරු නාට්‍යයක දෙකක රඟපෑවට පස්සේ 'මං තමයි පොර' කියලා හිතනවා. ඒ අයට මහේන්ද්‍ර මේ කළ වැඩේ ආදර්ශවත් කනේ පාරක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මහේන්ද්‍රට එදිනම හමුවුණා ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල.

'කොහොමද පරාක්‍රම මහත්තයෝ කපපු දැල්?'

මහේන්ද්‍ර එහෙම කපපු දැලක් ගැන ඇහැව්වම පරාක්‍රම උඩ බිම බැලුවලු.

'කපපු දැල්?' ඒ මොකක්ද?'

ඔහු මහේන්ද්‍රගෙන් එහෙම අහලා.

කපපු දැල් ඒ කියන්නේ දැකපු කල්. මහේන්ද්‍ර හිනාවෙලා එහෙම කිව්වලු. පද පෙරලිය කලාවක් නම් මහේන්ද්‍ර පිකාසෝ කියලා කවුරුත් දන්නවා.