වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




Blackmail ඉර්ෆාන් ඛාන්ගේ අවසන් චිත්‍රපටයද?

Blackmail ඉර්ෆාන් ඛාන්ගේ අවසන් චිත්‍රපටයද?

අප්‍රේල් 06 සිට ලොව පුරා...
අභිනේ ඩියෝ අධ්‍යක්ෂණයක්

තම බිරියගේ අනියම් සම්බන්ධයක් පිළිබඳ තතු දැන ගන්නා දේව් නම් මැදි වයස් පුද්ගලයා බ්ලැක්මේල්කරුවකු බවට පත් වන අතර අවසානයේදී ඔහුගේ බ්ලැක්මේල් කිරීම භූමරංගයක් මෙන් ආපසු තමන් වෙතටම පැමිණෙන අයුරු කියන කතා පුවතක් Blackmail චිත්‍රපටයේ ඇතුළත් වේ.

යම් රහසක් හෙළි කරනා බව පවසමින් තර්ජනය කර අයුතු ලාබ ප්‍රයෝජන ලබා ගනිමින් බ්ලැක්මේල් කිරීම වර්තමානයේ නොයෙකුත් විට අපට අසන්න දකින්න ලැබෙන සුලබ දෙයක් බවට පත් වී අවසන්. එය කෙසේ නමුත් දැන් මේ බ්ලැක්මේල් කිරීම බොලිවුඩයටත් ඇවිත්. ඒ නවතම සිනමා නිර්මාණයක් ලෙසින්. හෙට (අප්‍රේල් 06) සිට ලොව පුරා තිරගත කෙරෙන Blackmail චිත්‍රපටය Delhi Belly, Game, Force 2 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අභිනේ ඩියෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.

තම බිරියගේ අනියම් සම්බන්ධයක් පිළිබඳ තතු දැන ගන්නා දේව් නම් මැදි වයස් පුද්ගලයා බ්ලැක්මේල්කරුවකු බවට පත් වන අතර අවසානයේදී ඔහුගේ බ්ලැක්මේල් කිරීම භූමරංගයක් මෙන් ආපසු තමන් වෙතටම පැමිණෙන අයුරු කියන කතා පුවතක් ඕතචජඬථචඪත චිත්‍රපටයේ ඇතුළත් වේ. මෙහි දේව්ගේ චරිතයට බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් පණ පොවන අතර ක්‍රිති කුල්හාරි, දිව්‍යා දත්තා, අරුණෝද් සිං, ඕමි වෛද්‍යා ඇතුලු පිරිසක් ද රංගනයෙන් දායක වී සිටියි. Blackmail චිත්‍රපටයේ තිරරචනය ප්‍රවීස් ශේඛ් සහ ප්‍රධුමාන් සිං විසින් සිදුකර ඇත. මයිකි මැක්ලේරි සහ පාර්ත් පරේක්ගේ සංගීත අධ්‍යක්ෂණයකි.

Blackmail චිත්‍රපටය සමඟින් අප වෙත එන කනගාටුදායක පුවතක්ද වන බව මේ වන විටත් බොහෝ දෙනෙකු දන්නා දෙයක්. එය නම් මේ වන විට ඉර්ෆාන් ඛාන් මුහුණ දී සිටින රෝගි තත්ත්වය යි. මෑත කාලීනව ඉන්දියාවෙන් බිහි වූ ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පියකු වන ඔහු අතිශය දුර්ලභ ගණයේ රෝගයකින් පෙළෙන බව පසුගිය දිනක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා. ඒ අනුව ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගන්නා දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයක් මෙලෙස ඉර්ෆාන්ගේ සෞඛ්‍යයට හානි කරමින් සිටින බවට වන පුවත ද ලොවපුරා මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් අවසන්.