වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කුණු ගොඩවල් නෙමෙයි

කුණු ගොඩවල් නෙමෙයි

ඔන්න උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂතුමා සරසවියට ආවා එයාගේ මධුර චාරිකා චිත්‍රපටයේ පින්තූර වගයක් දෙන්න. පෙන්ඩ්‍රයිව් එකකට තමයි ඒවා ගෙනාවේ. ඒක සම්බන්ධ කළා පරිගණකයකට. පෙන් එක ඕපන් කරගෙන මධුර චාරිකා චිත්‍රපටයේ පින්තූර තියෙන ෆයිල් එක හොයනවා හොයනවා නැහැ. ඒ ඇර ඔක්කොම තියෙනවා.

'මේකෙ දැන් තිබුණනෙ?'

උදයකාන්ත නළල රැලි කරගෙන බැලුවා. ඒත් නැහැ.

'වෙන්න බැහැ මේ පෙන් එකේ හැම කුණු ගොඩකම පින්තූර තියෙනවනෙ'

උදයට එහෙම කියවුණා. ඒක ඇහුණු අපේ සරසවිය කර්තෘතුමාට

'කුණුගොඩවල් කියන්නෙ . . . ඒවා උඹේ පික්චර්නෙ බං'

ඒ කතාවට උදයටත් හිනා.