වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී

බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී

විශිෂ්ට රූපවාහිනී මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය ඇගයීමට ලක් කරන රයිගම් සම්මාන පුද කිරීම පසුගිය දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. ප්‍රේක්ෂක ජනසමූහයා වඩාත් ඉහළ රස වින්දන මට්ටමක් වෙත ළඟා කරවීමට හැකි ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් පිරි වඩාත් විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට දිරිදීම හා යුගයේ වඩාත් ප්‍රබල සන්නිවේදකයා වූ රූපවාහිනී මාධ්‍යයේ අනාගතය බාර ගැනීමට සිටින දෙවෙනි පරම්පරාවේ ශිල්පීන්ට ඔවුන් ගමන් ගත යුතු දිශාව හරියාකාරව පෙන්වීම උදෙසා ප්‍රදීපයක් දැල්වීම උදෙසාත් 14 වන වරටත් රයිගම් ටෙලීස් සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් රැඟුම් ගැයුම් මැද ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙවරත් ජනප්‍රිය සම්මාන හා ප්‍රණාම සම්මාන පිදීම කාගේත් කතාබහට ලක් විණි. ජූරියේ සම්මාන 11 ක් ද, මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 20 ක්, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන 23 ක් ද, විශේෂ ප්‍රණාම සම්මාන 3 ක් ද සමඟ සම්මාන 57 ක් රයිගම් ටෙලිීස් සම්මාන උලෙළේදී පිරිනමන ලදී. මේ එම සම්මාන උලෙළේ විශේෂ අවස්ථායි.

ජූරියේ කුසලතා සහතික

විහඟ නදිත් තන්සිළු - බෝංචි ගෙදර ඉන්ද්‍රජාල - අයි. ටී. එන්.

යෙනුල්‍යා දන්තනාරායන - ප්‍රාණ - අයි. ටී. එන්.

කුන්ඩලකේශී වන්නිආරච්චි - ජීවිතය සොයා යන්න ඒකාංගික ටෙලි නාට්‍යය - ජාතික රූපවාහිනිය

ජූරියේ කුසලතා සම්මාන

ඩබ්ලිව්. නුවන් චතුරංග - බන්ධනාගාර රෝහලේ අක්‍රමිකතා පිළිබඳ ගවේෂණාත්මක පුවත් වාර්තාකරණය - ටී. වී. වන්

මධුශංක ඉරෝෂන් - උරුමය සොයා වාර්තා වැඩ සටහන් මාලාව, දළඳා මාළිගයේ උල්පැන්ගේ චාරිත්‍ර - ටී. වී. දෙරණ

සන්ධ්‍යා විතානවසම් - බෑව්මක සිටගත් ගැහැනිය - ඒඩ්ස් වැළඳුන කාන්තාවක් පිළිබඳ වාර්තා වැඩසටහන - ජාතික රූපවාහිනිය

මොරින් චාරුණී - සුපහන් සිත ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ පාඩම කතාංගය - ටී. වී. දෙරණ

ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන

මහේෂ් නිශ්ශංක - සිහිනයකි රෑ සංගීත වැඩසටහන් මාලාව - ජාතික රූපවාහිනිය

වසන්ති රන්වල - ලෝකාන්තරයෝ - සියත ටී. වී. සහ මතු සම්බන්ධයි - ස්වර්ණවාහිනිය

මල්කාන්ති ජයසිංහ - එක ගෙයි මිනිස්සු - ජාතික රූපවාහිනිය

චාමර ප්‍රසන්න කොඩිතුවක්කු - ප්‍රාණ - අයි. ටි. එන්.

විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

චිත්‍ර කාමරය - ඉමාලි ආරියවංශ - සියත ටී. වී.

විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

ගමට ක්‍රීඩා - සජිත් දිනුෂාන් ගෝවින්න - සිරස ටී. වී

විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන

අඝාත රෝගයෙන් මිදෙමු - නිශාදි රුවන්මලි - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

සිංහගිරි ස්ටුඩියෝ - ඩෙස්මන්ඩ් ද සිල්වා වැඩසටහන චින්තක ගම්ලත් (පළමු අදියර) - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් වැඩසටහන

ඒබීයූ කෙටි චිත්‍රපට - වජිර කුමාරි විතානගේ - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

සිරස පෙන්ටතලන් සීසන් 2 - පුලිඳු මිස්සක එදිරිසිංහ සහ - වරුණ කරුණාරත්න - සිරස ටී. වී.

විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන

ඩෙංගු - අලුතෙන් හිතමු - ප්‍රදීප් විජේකෝන් - ශ්‍රද්ධා ටී. වී

විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

ඒඅඊ-4උ - චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න - අයි. ටී. එන්

විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

සොබාධාරා - කුණු කන අලි - අනුරාධ දේවප්‍රිය - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම නිර්මාණත්මක රියැලිටි වැඩසටහන

කධභබඩ එඪබඩ ඊචතඥදබ - සඳරුවන් ජයවික්‍රම - අයි. ටී. එන්.

විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කතිකා වැඩසටහන

වාදපිටිය - සයිටම් අර්බුදය - කෞෂල්‍යා දිසානායක - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල

නදීක කරුණානායක - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ගවේෂණාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය

උකුස්සා (ගජමුතු හෙළිදරව්ව) - ඩබ්. ආර්. ඒ. දිනෙන්ද්‍ර රත්නසිරි - ටී. වී. දෙරණ

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල

සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේෂක - සිංහල

පාරමී රණසිංහ - ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා/ දමිල

රාධිකා වින්සන් - නේත්‍රා ටී. වී.

විශිෂ්ටතම සම්ප්‍රවේශක - දමිල

ක්‍රිෂ්ටිනා ග්‍රේස් නඩරාජන් - වසන්තම් ටී. වී.

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා - ඉංග්‍රීසි

තිලිණ උදයරත්න - Channel Eye

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රේක්ෂක - ඉංග්‍රීසී

බර්නඩින් ජයසිංහ - TV1

සම්මානනීය රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව

ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

ශාලිත ගුණවර්ධන - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනි

ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

ලක්මා වීරසේකර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය

ගයාන් ගණකධාර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

ජැක්සන් ඇන්තනි - (සංසාරෙ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

සමන් ලෙනින් - (ගොම්මනේ රැයේ වන මැද) - එළියකන්ද - අයි. ටි. එන්

ටෙලි නාට්‍ය ගීත ගායිකාව

ඉන්දිකා උපමාලි - (සංසාරේ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය

කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර - අයි. ටී. එන්.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ජගත් විරතුංග - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

මයුර කාංචන - (රෝහණ) බැද්දෙ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

බුවනි චාපා දියලගොඩ - (හර්ෂි) - මේ මමයි - අයි. ටී. එන්.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා

ආනන්ද කුමාර උන්නැහේ - (ජිනපාල) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

නයනා හෙට්ටිආරච්චි - (යශෝ මැණිකේ) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව

ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය

දිලූක ගුණතිලක - සුපහක් සිත නාට්‍ය මාලාවේ පාඩම - ටී. වී. දෙරණ

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

මහේන්ද්‍ර පෙරේරා - (එඩ්වින්) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

නදී කම්මැල්ලවීර - (චංචලා) - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ආනන්ද අබේනායක - (බැද්දේ කුලවමිය) - ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය

බැද්දේ කුලවමිය - ෆාහිම් මවුජුඩ් - ස්වර්ණවාහිනිය

ජනප්‍රියතම ටෙලි නාට්‍ය - කූඹියෝ - ලක්මාල් ධර්මරත්න

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - කූඹියෝ - තුමිඳු දොඩම්තැන්න

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය - දෙවැනි ඉනිම - නයනතාරා වික්‍රමාරච්චි

විශේෂ ප්‍රණාම සම්මාන යුගලය - අයි. ටී. එන් - ඉඳුනිල් දිසානායක (සිංහල නිවේදිකා)

නොයෙලින් හන්ටර් - ඉංග්‍රීසි නිවේදිකා - ජාතික රූපවාහිනිය

විශේෂ ප්‍රණාම සම්මානය - ප්‍රවීණ රංගවේදී සුමින්ද සිරිසේන

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය - ප්‍රවීණ රංගවේදී විජේරත්න වරකාගොඩ