වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ගැයුම හොඳයි වගේ

ගැයුම හොඳයි වගේ

අතුල ජයතිස්ස කියන නමට වැඩිය ඔහුව වැඩි දෙනෙකු හඳුනන්නේ අනුරාධපුර අතුල යන නමින්. ඔහු රංගනයට වගේම තවත් දෙයකට දක්ෂයි. අතුලට හොඳට සින්දු කියන්න පුළුවන්. මේ බව අතළොස්සයි දන්නේ. මේ ළඟදී දවසක ප්‍රසිද්ධ හෝටලයක තිබූ පාර්ටි එකක් සඳහා අතුලට ඇරැයුම් ලැබිලා. ඔහු ඉතින් එතනට ගියාට පස්සේ ඔහුගේ ගායන හැකියාව දන්න කෙනෙක් ඔහුව සින්දු කියන්න දැම්මලු. නිමල් ගුණසේකර ගයන ආවාට තිබුණත් ගීතය අතුල හා හා පුරා කියලා. ගීතය ඉවර වුණාට පස්සේ පුදුමාකාර ඔල්වරසන් හඬක්ලු ආවේ. අන්තිමේ එක දෙක වෙලා දෙක තුන වෙලා තුන හතර වුණාලු. අන්තිමේ සින්දු අටක් කියලයි අතුල මයික්‍රෆෝනය බාර දීලා තියෙන්නේ.

'බලගෙන ගියාම මගේ රංගනයට වඩා ගායනයට මිනිස්සු කැමැතියි වගේ'

ගෙදර යන ගමන් අතුල එහෙම කල්පනා කළාලු.