වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංකගේ රෑප කතන්දර

රුව ගන්නා රුව

සිනමාවේ කිවිඳියගේ ජන්ම දිනය පසුගිය 24 වැනි දිනට යෙදී තිබුණා. සරසවිය අපි සියලු දෙනා ඇයට සුබ පැතුව තරමටම ඇයට ආදරය කරන කුඩා, තරුණ, මහලු සියලු දෙනාම ඇයගේ ජන්ම දිනයට සුබපැතුම් සහ මතක සැමරුම් එක් කරන්නට අමතක නොකළහ. මේ මගේ කාචයේ සටහන් වූ අපූරු මතක සැමරුමකි. එයට පෙර දිනයක මේ රසිකාවිය ඇගේ ජංගම දුරකතනයෙන් සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගත් අයුරුයි. අපේ සිනමා කිවිඳිය සිනමා තරුවකට වඩා ජනපි‍්‍රයයි.


අතීතයේ දවසක...

එකට රංග වේදිකාව ස්පර්ශ කළ දෙදෙනකි, රවින්ද්‍ර රන්දෙණියත්, සුමින්ද සිරිසේනත්. ඒත් අද දෙදෙනාගේම නෙතින් කඳුළක් නෙළුම් පොකුණ රඟහලේදී වැටී ගියේය. ඒ සංවේදී මොහොත මගේ නෙත කඳුළෙන් බර වුණත් කාචයේ සටහන එයට ඉඩ සලසා ගත්තේය. රවීන්ද්‍ර රන්දෙණියත්, සුමින්ද සිරිසේනත් ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් එකට ඉගෙනුම ලබා එකට වේදිකාවට ගොඩ වූ දෙදෙනෙකි.


දෙදෙනා අතරින්

සී රජටත්, බැද්දේ කුලවමියටත් තිබුණේ එකම නාළිකාවක් ද? එකම නාළිකාවකට දෙදෙනෙක් එකම මාර්ගයක පැමිණියහ. ඒ ජැක්සන් ඇන්තනි හා ආනන්ද අබේනායක දෙදෙනාම දක්ෂයන් අතර දක්ෂයෝය. ඒ කෙසේ වෙතත් කලාව තුළ දෙදෙනාම අයිය මලෝ විය. මේ ඒ ජය සතුට බෙදා ගත් මොහොත සියලු දෙනා මැද නෙළුම් පොකුණ රඟහලේදී.


ආදරයක මහිම

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරියන්ට මේ තරම්ම ආදරයක් තිබෙන බව ඔහුට වැටහී ගියේ තරුණ විය ඉක්ම වූ පසුව බවයි. එදා දූ අනුරාධා වේදිකාව සිසාරා පැතිර ගියේ ඒ ආදරයයි. මේ යුග ගණනාවක ගීත කෝකිලයන් හා කෝකිලාවන් මහාචාර්යතුමා වැලඳ ගත් අයුරුයි.


මධුර චාරිකාවක කතාබහ

සිනමාවේ නියැළෙන නළුවකු වයසට ගිය පසු උදාවන සැබෑ පැතිකඩක් පෙන්වන්නට උදයකාන්ත දැරූ උත්සාහයක් මධුර චාරිකාය. ඒත් ජයන්ත චන්ද්‍රසිරියන් මේ කතා කරන්නේ මධුර චාරිකාව ගැන ද ඔවුන් දෙදෙනාගේ සිනමා පැතිකඩ ගැන ද අපට ප්‍රශ්නයක්. ඒත් කැමරා රූප රාමු වෙනස් බවයි අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ ඩොනල්ඩ් ජයන්ත හිතන්නේ. මේ අපට හසු වූ ඒ රූප රාමුවකි.