වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටි නිහැඬියාවක්

කෙටි නිහැඬියාවක්

නව පරපුරේ රංගන ශිල්පිණි අමාවි ධනන්සූරිය මඳ කලකට රංගනයෙන් ඈත් වන බව පවසනවා. එයට හේතුව වන්නේ ඇය ඇගේ පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම. අමාවිට දරුවෙක් ලැබෙන්න යන ආරංචිය තියා ඇය විවාහක බවවත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දන්නේ නැහැ. අමාවි විවාහක බව වැඩි දෙනෙක් දැනගත්තෙත් ඇයට දරුවකු ලැබෙන්න ඉන්නවා කියන ආරංචියත් එක්කයි. කෙසේ වෙතත් අවුරුද්දක පමණ නිවාඩුවක් ගන්නා බව අමාවි පවසනවා. ඇය අන්තිමයට රඟපෑවේ ජුනයිඩීන්ගේ උගුලයි මගුලයි චිත්‍රපටයේ.