වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ උපන් පොප් රජුට හරසර

ලංකාවේ උපන් පොප් රජුට හරසර

ඇල්ස්ටන් කොච් නළුවකු බවට පත් වන්නේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ According to Mathew (අනුරාගිනී) චිත්‍රපටයෙන්. ආන්දෝලනාත්මක සත්‍ය කතාවක් පාදක කොටගත් එහි බොලිවුඩ් නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සමඟින් මැතිව් පීරිස් දේවගැතිතුමාගේ චරිතයට පණ පෙවූයේ ඇල්ස්ටන් කොච් විසිනි.

ජාත්‍යන්තරයේ නම රැන්ඳු ශ්‍රී ලාංකිකයන් අතර ඇල්ස්ටන් කොච් නාමය ද සුවිශේෂි වෙනවා. පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උලෙළෙන් පසුව පැවැත්වෙන සාදයේදී ද ඔහුගේ විශේෂිත සහභාගීත්වයක් අසන්න ලැබෙනවා. බෙවර්ලි හිල්හි සොෆිටෙලි හෝටලයේ පැවති සාදයේදී ඇමෙරිකානු - චීන (ACCS) සංගමයේ සභාපතිවරයා විසින් ඔහු පිළිගන්නා ලද්දේ එම අවස්ථාව ගීතවත් කිරීම වෙනුවෙන්. ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ උත්සවයක් ලෙසින් හැඳීන්වෙන මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් වූයේ රිදී තිරයේ හා සංගීත ලොව ජනප්‍රිය තරු සහ විවිධ රටවල රූ රැජනන්ය.

ශ්‍රී ලංකාවේ උපත ලද ඇල්ස්ටන් කොච් ඔස්ට්‍රේලියානු ගායකයකු, ගී පද රචකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම නළුවකු ලෙසින් ද කලාවට සිය දායකත්වය ලබා දෙන්නේය. ඔස්ට්‍රේලියාවේ සහ ආසියානු මාධ්‍යවලදී ඔහු බොහෝ විට ප්‍රචලිත වූයේ 'ආසියාවේ පොප් රජු' ලෙසිනි. කොච් ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වූ පසු වෘත්තීය වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් විය. Global Officials of Dignity (G.O.D.) සම්මාන උලෙළේ දී වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත. මේ වන විට ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා සිටින ඔහු 1975 වසරේ සිට කලාවට පිවිසි අතර මේ වන විට ඒක පුද්ගල ගී 21ක් නිකුත් කර තිබේ. සංගීත ඇල්බම හතරක් නිකුත් කර ඇති අතර සිනමා ක්ෂේත්‍රයේද ඔහුගේ දායකත්වය සුවිශේෂ වේ.

2015 වසරේ තිරගත කෙරුණු හොලිවුඩ් චිත්‍රපටයක් වන Impact Earth හි විධායක නිෂ්පාදකවරයා වූයේද ඔහුයි. එපමණක් නොව ඔහු 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' සහ 'අලිමංකඩ' නම් සිංහල චිත්‍රපටවල සහය නිෂ්පාදකවරයකු ද වෙනවා. ඇල්ස්ටන් කොච් නළුවකු බවට පත් වන්නේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ According to Mathew (අනුරාගිනී) චිත්‍රපටයෙන්. ආන්දෝලනාත්මක සත්‍ය කතාවක් පාදක කොටගත් එහි බොලිවුඩ් නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සමඟින් මැතිව් පීරිස් දේවගැතිතුමාගේ චරිතයට පණ පෙවූයේ ඇල්ස්ටන් කොච් විසිනි.