වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




වාර්තා පිට වාර්තා

වාර්තා පිට වාර්තා

අටපට්ටමේ හසන්ත මේ දවස්වල වාර්තා පොත් පෙරළ පෙරළ ඉන්නවා කියලා දැනගන්නට ලැබෙනවා. එහෙම දත්ත වාර්තා හොයාගෙන අන්තිමේ ඔහුට අවශ්‍ය කාරණය හොයා ගත්තලු. හසන්තට අවශ්‍ය වෙලා තියෙන්නේ එක දිගට අවුරුදු දහයක් සම්මාන ලැබූ රූපවාහිනී වැඩ සටහනක් තිබේද යන්න. එහෙම එකක් නැතිලු.

'එහෙනම් ඉතින් අටපට්ටම තමා ඒ වාර්තාවට හිමිකම් කියන්නේ'.

හසන්තට එහෙම කියවුණාලු. එක දිගට වසර දහයක් අටපට්ටම වසරේ ජනප්‍රියම වැඩසටහන ලෙස ස්ලිම් නිල්සන් සම්මානය දිනාගෙන තිබෙනවා. ඒක ඇත්තටම වාර්තාවක්. හසන්ත ඒ හින්දා නිහතමානී සතුටකින් තමයි කල්ගත කරන්නේ.