වර්ෂ 2018 ක්වූ  මාර්තු 29 වැනිදා බ්‍රහස්පතින්දා




එක සිම් එකෙන් වැඩ

එක සිම් එකෙන් වැඩ

ලලිත් වසන්ත කියන නාමය ගීත රචනා ක්ෂේත්‍රය තුළ හරිම ප්‍රසිද්ධයිි. වසර ගණනාවක් තිස්සේ ගීත රචනයේ යෙදෙන ඔහු අතින් ජනප්‍රිය ගීත රැසක්ම ලියවුණ. මෙහෙණියක සේ, ඉස්සර සෙනෙහස, ආදරේ බිඳී, (නාමල්) පාරම්පුරා ගෙනා මනාලි(විජය බණ්ඩාර වැලිතුඩුව) සදාදර නයෝ (ජයන්ත දිසානායක) ඉන් කිහිපයක්. වර්තමානය වන විට ලලිත් නිල්වලා ආයතනයේ නාට්‍ය අංශයේ බොහෝ වැඩ කරට අරගෙන තම වගකීම ඉටු කරනවා. ඔහු ගාව දුරකතන අංක දෙකක් තිබුණා. ඒවා වැඩ නොකරන වේලාවක් නම් නැහැ. රෑ දොළහටත් ඇමතුවොත් ලලිත් ටක් ගාලා ආන්ස්වර් කරනවා. ඒත් මේ ළඟදි ඉඳලා ඒ අංක දෙකෙන්ම එකයි වැඩ කරන්නේ. අනෙක් නම්බරේට මොකද වුණේ කියලා ඇහැව්වට කියන්නෙත් නැහැ. කොහොම කොහොම හරි වැඩේ හෙළිදරව් වුණා. වර්තමානයේ පාවිච්චි කරන දුරකතනය වෙනස් කරන්න ඕන කියලා හිතලා සල්ලි ටිකක් හම්බ වුණු ගමන් ලලිත් ගියාලු අලුත්ම ජංගම දුරකතනයක් ගන්න. එතන හිටපු කෙනෙක් බොහොම ලොකු පම්පෝරියක් ගහල ඉහළ මිලක ජංගම දුරකතනයක් ලලිත්ට දුන්නලු. ඒකත් අරගෙන ආසාවෙ ගෙදර ආව ලලිත්ට තරු පෙනිලා තියෙන්නේ සිම් දෙක දාන්න හැදුවට පස්සේ. ඒකට ඇතුළත් කරන්න පුළුවන් එක සිම් එකලු. මොනවා කරන්නද ආපහු බාර දෙන්නයැ. පෙරලුණ පිට හොඳයි කියන්න වගේ එක සිම් එකක් දාගෙන අලුතින් ආයෙත් ෆෝන් එකක් ගන්නකම් කල්ගත කළාලු.