වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




නොයෙල් රාජ් සනිධප හැර යයි

නොයෙල් රාජ් සනිධප හැර යයි

මං අයින් වුණා නෙමේ මාව අයින් කළා

දැන් තමයි ඒ වෙනසට හොඳම කාලේ

නොයෙල් රාජ් කියපු ගමන් මතක් වෙන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාව. ඒ තරමටම ඒ නාමයන් යුවළ එකිනෙකට බද්ධයි. මේරියන්ස් හරහා දැන හැඳිනගෙන සන්ෆලවර් කාන්තිය මැද පෙරළියක් කළ අවසානයේදී නොයෙල් නැවතුණේ සනිධප ළඟ. දැන් ඔහු එම සංගී කණ්ඩායමෙන් ද ඉවත් වී තමන්ගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. එකේ නම නොයෙල් රාජ් විත් මෙම්බර්ස්. කාලයෙන් කාලයට වෙනස්වීම් ඔස්සේ අප හමුවට එන අපූරු චරිතයක් වූ නොයෙල් එක්කයි මේ කතාබහ.

නොයෙල් රාජ් විත් මෙම්බර්ස් කියන්නේ තමවවත් එක සංගීත කණ්ඩායමක් නෙවෙයි නේද?

අනිවාර්යයෙන්ම. මට තවත් එක සම්ප්‍රදායික සංගීත කණ්ඩායමක් පටන් ගන්න කිසිම වුවමනාවක් නැහැ. මේක ආරම්භ කළේ එකොස්ටික් සංගීත කණ්ඩායමක් විදිහට.කචකච සංගීත රටවෙන් මිදිලා විඳින්න පුළුවන් සංගීත රටාවක් එක්කයි නොයෙල් රාජ් විත් මෙම්බර්ස් කටයුතු කරන්නේ. ඉලෙක්ට්‍රිික් සංගීත භාණ්ඩ බොහොමයක් ඉවත්කළා. එකොස්ටික් භාණ්ඩ වැඩි වශයෙන් යොදගෙන කනට සුන්දර මිහිරියාවක් සමඟින් අපි රසිකයින්ව පිනවනවා.

මේ වන විට ඔබ කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය පැවැත් වූවාද?

නැහැ. මාර්තු 09 වැනිදායි පළමු ප්‍රසංගය පවත්වන්නේ. සංගීත කණ්ඩායම නිල වශයෙන් ආරම්භ කළේ පෙබරවාරි විස්ස.

නොයෙල් රාජ් කියන චරිතය ප්‍රසංග වේදිකවේ පෙරළියක් කළා අපිට මතකයි. ඒ වගේම දඩිබිඩි සංගීත කලාවක් ඔස්සේයි ඔබට නිතරම අපට හමු වුණේ. ඒ වගේ තත්ත්වයක් මත ක්ලැසික් ශෛලියට ඔබට වෙනස් වෙන්න පුළුවන් වේවිද?

මෙහිදී තව කාරණයක් කිව යුතුයි. විවිධ කාලවලදී විවිධ ශෛලීන් ඇති සංගීත කණ්ඩායම්ල මං හිටියා. එහෙම ලබපු අත්දැකීම් මෙතෙකැයි කියලා මට කියන්නට බැහැ. ඒ සෑම දෙයකින්ම මා ලැබූ ගුණාත්මක වටිනකමක් ඇති දේ තමයි මෙම්බර්ස් හරහා මං රසික රසිකවන්ට මා ගෙන එන්නේ. ඒක ඇත්තටම මාව පෙර දැකපු අයට මහත් වූ වෙනසක් වේවි. නමුත් ඒ වෙනස මා එක පාරටම කරන්නේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් මගේ රසිකයින්ව මගේ වෙනසට හුරු කරවනවා.

මෑත කාලයේ පටන් ඔබ ඔබේ පෙර රිද්මය වෙනස් කළා. විරහ ගීතවලට නැඹුරු වුණා. ඒ වෙනස්කම මීට කලකට ඉහතදි කළා නම් හොඳයි කියලා අද හිතෙන්නේ නැතිද?

ඔබ ඔය නොකියා ඇහැව්වේ ප්‍රසංග වේදිකවේ 'මගේ කාලේ අපතේ හැරියා වගේ ප්‍රශ්නයක්.මං හිතන්නේ නැහැ එහෙම වුණා නම් හොඳයි කියලා. මගේ වෘත්තීයටයි ඒ කාලේ කැප කළේ. ඒ කාලේ වෙනසක් කරන්න හැදුවා නම් මට කරන්නටත් බැරිවේවි. අද මං බොහොම ස්වාධීනයි. ඒ තත්ත්වය මත අලුත් බෑන්ඩ් එකක් පටන් ගත්තා. දැන් තමයි ඒ වෙනසට හොඳම කාලේ.

නොයෙල් විත් මෙම්බර්ස් එලිමහන් වේදිකාවේ හමු වෙන්නේ නැති හැඩයි?

ඔව්. අප දැනට හිතාගෙන ඉන්නේ ඉන්ඩෝ(ර්) ෂෝස් විතරයි.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඉන්න කොට ඔබ ස්වතන්ත්‍ර ගීත බොහෝමයක් ගැයුවා. ඒ ගීතවල අයිතිය තියෙන්නේ ඔබටද?

මං සන්ෆ්ලවර් ඉද්දී ගීත ගැයුවේ අයිතියක් බලාගෙන නෙවෙයි. ගීත අවශ්‍ය වුණාම අපිම නිර්මාණය කරගෙන වේදිකාවේ ගායනා කළා. අද තමයි ඔය කොළවල අත්සන් කරගෙන ගීත හුවමාරු වෙන්නේ. ඔය මගේ මහ සයුරේ ගීත ය මට හදලා දුන්නේ නීල් අයියා. පදත් ඔහුගේ, සංගීතයක් ඔහුගේ මට ඒක දුන්නා කියන්න. මිනිසුන් බොහොම ආදරයෙන් ඒ සිංදුව වැළඳ ගත්තා. ඒ වකවානුවේ බොහෝ ගීත එහෙමයි.

අදටත් ඔබ ඒ ගීත ගයනවාද?

ඔව්. මගේ කට හඬින්නේ ඒවා මිනිසුන් අතරට ගියේ. මට ගයන්න බාධාවක් නැහැ.

ඔබ කාලෙන් කාලෙට සංගීත කණ්ඩායම් ගණනාවක් මාරු කළා? ඇයි එහෙම වුණේ?

මම එහෙම මාරු වුණා තමයි. මේ හේතුවෙන් වැරැදි මත පවා ජනගත වුනා. මං මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙක්. සනිධප හැර අනෙකුත් මං හිටි සංගීත කණ්ඩායම්වලින් මං අයින් වුණා නෙවෙයි මාව අයින් කළා. සනිධප කණ්ඩායමෙන් විතරයි මං කියලා අයින් වුණේ,

ඔබ වර්තමානය වන විට තනි ගායකයකු වශයෙන් කටයුතු කරනවාද?

ඔව්. මට එහෙම කියලා ගීත බොහොමයක් තියෙනවා. එහෙම තත්ත්වයක් මත ඇයි මං ප්‍රසංග වේදිකා සඳහා ලැබෙන ආරාධනා බ බාර නොගන්නේ.

එක්තරා ප්‍රසංග වේදිකාවකදී ඔබට එක දිගට ගීත දොළහක් ගයන්න වුණාලු නේද?

රසික ඉල්ලුමනේ, රාගල තමයි ඔය ප්‍රසංගය තිබුණේ. එක ගීතයක් ඉවරවෙන්න තව එකක් ඉල්ලුවා. එහෙමම ගීත දොළහක්ම ගයලයි මං ප්‍රසංග වේදිාකිවෙන් බැස්සේ.

නව පරපුරේ සංගීත කණ්ඩායම් අද වන විට තමන්ගේම ග/ිත නැති හින්දා අනුන්ගේ ගීත ගයනවා.ගීත ගයනවාටත් වඩා ඒ පැරැණි ගීත ඔවුන් විකෘති කරනවා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

මගේ පෞද්ගලික අදහසට අනුව එහෙම සංගීත කණ්ඩායමක් අනුන්ගේ ගීත ගයනවාට මං කැමැති නැහැ. කාලයෙක් කාලයට ප්‍රසංග වේදිකාවේ ඔය වගේ රැලි ආවා. ඇතැම් විට කණ්ඩායම්වලින් කරන ඉල්ලිම් අනුව ඔවුන් අනුන්ගේ ගිත ගයනවා ඇති. ඒකට කරන්න දෙයක් නැහැ. රසිකයින්ව පිනවන්න අපි බැඳී සිටිනවා.

නොයෙල් විත් මෙම්බර්ස් හි මෙම්බර්ස්ලා ගැනයි මං ඊළඟට අහන්නේ?

මංජුල, නිශා, වරුණ, ඉනෝජ්, ජෙරල්ඩ් සහ හිරුණිකා.